Nov 1, 2012

මුජබර් රහුමන් කියන්නේ බොරු.

මුජබර් රහුමන් කියන්නේ බොරු.

අන්තවාදී පිරිසක් විසින් පල්ලි 20ක් කැඩූ බවක් අපිට නම් වාර්තා වෙලා නෑ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු ලේකම් අවධාරණය කරයි.


 
යුද්ධය අවසන් වී රට තුළ ජාතික සමගිය ගොඩනැඟීමට හැකි ආකාරයේ පරිසරයක් තුළ ආණ්ඩුව නියෝජනය කරන අන්තවාදී පිරිස් විසින් දඹුල්ල මුස්ලිම් පල්ලියට පහර දුන් දා සිට මේ වන විට මුස්ලිම් පල්ලි 20කට පහර දී ඇති බව කියමින් පෙරේදා(30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එ.ජා.ප. පළාත්
සභා මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු ලේකම් පී.බී.දිසානායක මහතා අවධාරණය කරයි. කිසිසේත්ම අන්‍යාගමිකයන්ට තර්ජනයක් වන අයුරින් රට තුළ එවැනි පල්ලි කැඩීමේ ක්‍රියාදාමයක් දියත් නොවන බවටත්, එසේ ක්‍රියාත්මක වන අන්තවාදී කල්ලි කණ්ඩායම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ආකාරයකින් වාර්තා වී නොමැති බවටත්, එවැනි අන්තවාදී ක්‍රියාවන් සඳහා රජය කිසිඳු අනුග්‍රහයක් නොදක්වන බවටත් ලේකම්වරයා සඳහන් කරයි.

වැඩි දුරටත් කරුණු දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ:

මන්ත්‍රී මුජබර් මහතා සඳහන් කරන පරිදි සිංහල - දෙමළ - මුස්ලිම් ජනතාව අතර කිසිඳු විරසක තත්ත්වයක් ඇති වී නෑ. ඒ වගේම, කිසිම අවස්ථාවකදී මුස්ලිම් ජනතාවට එරෙහි අන්තවාදී ක්‍රියාදාමයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලත් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දක්වා ඇති ආකාරයෙන්ම පරිසමාප්තයෙන්ම රජය බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය පිරිනමමින් අන්‍යාගමිකයන්ගේද ආගමික නිදහස ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. අසත්‍ය බොරු ප්‍රචාර දියත් කිරීමෙන් සිද්ධ වන්නේ ජනතාව තුළ නැති අසමගියක් අලුතින් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි.යනුවෙනි.

0 ප්‍රතිචාර:

Post a Comment