Nov 15, 2012

ගම්පොළ අම්බුළුවාව :සිංහල බෞද්ධ සම්ප්‍රදායිකත්වය

කියවන්න.. සියල්ලන් ම දැනුවත් කිරීම සදහා ෂෙයාර් කරන්න.

වසර තුන්දහසකට ආසන්න කාලයක් තිස්සේ පෝෂණය වූ බුදුදහම හා බැදුණු සිංහල සමාජ සම්ප්‍රදාය සුරක්ෂා කිරීමට මේ දෙරණ පාලනය කළ බෞද්ධ, අබෞද්ධ සියලු පාලකයෝ බැදී සිටිය හ. ඈත අතීතයේ දී එලාර රජුගේ පටන් බ්‍රිතාන්‍යයන් දක්වා ලක්දිව ආක්‍රමණය කළ අබෞද්ධ ආක්‍රමණිකයන් පවා මේ සම්ප්‍රදායට අනුගත නො
වී සිංහල රාජ්‍යයයේ ප්‍රජාව පාලනය කළ නොහැකි බව අවබෝධ කොටගෙන සිටිය හ. ඒ නිසා බුදුදහම යනු සිංහලේ රාජ්‍ය ආගම ලෙසත්, සිංහල ජාතිය යනු රටේ ප්‍රධාන ජාතිය ලෙසත්, සිංහල බෞද්ධ සංස්කෘතිය යනු රටේ පැවැත්මේ තීරණාත්මක ස
මාජ සංලක්ෂණය ලෙසත් සියලු පාලකයෝ ඇදහූ හ. මේ නිසා කවර හෝ පාලකයෙකු වේවා අනවරතයෙන් ම බැදී ගිය නියමයන් කිහිපයක් විය. දළදා වහන්සේ රැකීම, භික්ෂු අනුශාසනය පිළිගැනීම, දසරාජ ධර්ම සංකල්පය ක්‍රියාත්ම කරවීම, බුදුදහම ප්‍රචාරය කරවීම යනු එම රීති කිහිපයකි. සෑම විටක ම මෙම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ කවර හෝ පාලකයෙකුට වේවා සිංහල බෞද්ධයා විසින් ප්‍රතිවිරෝධාකල්ප එල්ල විය. එය රටේ අතීත සිද්ධි විමර්ශනයේ දී සුපැහැදිලි ධර්මතාවයකි.
අධ්‍යාත්මයට බර, ලෞකිකත්වය ප්‍රතික්ෂේප කරන, නිවන පරමාර්ථය වශයෙන් සැලකූ ලොව එක ම රාජ්‍යය වශයෙන් අප රට ලෝ පතළ ව තිබිණි. සිංහලයා සතු විස්මිත වීරත්වය, ආකල්ප, තාක්ෂණය, ආගන්තුක සත්කාරය යනාදිය නිසා ද අප ජාතියක් වශයෙන් ඉහළ වටිනාකමක් ලබාගැනීම කෙරෙහි ඉවහල් විය.
සිංහල ජාතිය යනු ලෝකයේ සිටින උත්කෘෂ්ටත ම පාරිසරිකවාදීන් ය. පරිසරය සමග අනිච්චානුග සහජීවනයකින් බැදුණු ඔවුහු පරිසරය දේවත්වයෙහි ලා සැලකූ හ. මේ නිසා ස්වභාවික පරිසරයෙන් පවා නිසි කල වර්ෂාව ලැබුණි. දෙවියන්ගේ රක්ෂාවරණයෙන් ලක්දිව බැබළුණි. සිංහලය සෑම විටක ම පාහේ ලෝකයේ සෙසු ජාතීන් අතර නිතර කතාකාවතට ද ලක්විය. ඒ අපගේ උදාරතර ඉතිහාසය සම්බන්ධ කෙටි ආකල්පයකි...
මේ සිංහල බෞද්ධ රාජ්‍යය තුළ ජලාශ්‍රිත ශිෂ්ටාචාර යුගයේ පටන් ක්‍රියාත්මක වූ පොදු සංකල්පයක් පැවතිණි. එනම් ‘ගම - පන්සල - වැව - දාගැබ‘ යන සංකල්පය යි. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් පැවති අප රට මේ සංස්කෘතික හා සමාජ සම්බන්ධතාව තුළ නිවහල් භාවයට පත්විය. අදීන භාවයට පත්විය. මේ සංකල්පය අනුගමනය කළ සියලු ලක්දිව් පාලකයෝ සෑම විටක ම ප්‍රෙද්ශයේ උස් ම ස්ථානය වෙන් කරනු ලැබුවේ විහාරස්ථානය සදහා ය. කාශ්‍යප රජු විසින් පස්වැනි සියවසේ සීගිරිය පර්වතය මත රජමාළිගය කරවීමේ දී ඊට උතුරු දිශාවෙන් පිහිටි පිදුරංගල විහාරය, රජ මාලිගයට වඩා පහතින් පිහිටන නිසා, සීගිරිය සිංහ රූපයක් බවට පත්කොට, සිංහයා (සිංහලයා) පිදුරංගලට වන්දනා කරන ආකාරයක් නිරූපණය කළේය. රජ මාලිගයක් හෝ කවර ආගමික සිද්ධස්ථානයක් හෝ බෞද්ධ විහාරයකට වඩා ඉහළින් නොපිහිටිය යුතු යැයි සාම්ප්‍රදායික ජනතා ආකල්පයක් අප රට තුළ පැවතුණි. මේ සංකල්පයට අනුගත වූ රාජ්‍ය පාලකයා බුදුදහම සුරක්ෂා කිරීම රටවැසියන් අතර සිය කීර්තිය වර්ධනය කරන බලවේගය සේ සලකා බුදුදහම සුරක්ෂා කළේය. අතීත පාලකයෝ සර්වාගමිකයෝ නොවූහ. ජීවිත ආරක්ෂාව සදහා හෝ ආගම ජාතිය පාවා නුදුන්නෝ ය. දිවිහිමියෙන් සිංහල බෞද්ධ සදාචාර ධර්ම ආරක්ෂා කළෝ ය.
ඒ අතීතය ය. දැන් එළඹ තිබෙන්නේ ප්‍රජාතාන්ත්‍රවාදය තුළ ගිලී ගිය නපුංසක පාලකයන් බිහිවන යුගයකි. ඔවුහු රට දැය ගැන නොව, බලය ගැන ම සිතති. සිංහල බෞද්ධකම ඔවුන්ට හිසරදයකි. රට දැය හිතැති සිංහල ඔලුගෙඩි තුළින් ජාතිවාදය ඉවත් කළ ඔවුහු අන්‍ය ජාතින්ගේ ජාතිවාදයට ගරු කරති. පන්සල ප්‍රතික්ෂේප කරන උප්පැන්න සහතිකයේ බෞද්ධ නායකයෝ පල්ලි කෝවිල් වැනි ගුබ්බෑයම් අස්සේ රිංගා ඡන්ද උපයති. මේ ක්‍රමය තුළ සිංහල බෞද්ධකමට කණකොකා හඩන්නට පටන්ගෙන බොහෝ කල් ය. එහෙත් අපගේ ඇස් ඇරී ඇත්තේ දැන් ය. එය ද කම් නැත. පසුවට හෝ සත්‍යය වටහාගත හැකි සිංහල ප්‍රජාවක් බිහිවීම දැන් සිදු ව තිබේ. එය සතුටට කාරණයකි.
කෙසේ හෝ වේවා, මෙම ලිපියේ ප්‍රස්තුතය බැදී පවතින්නේ වර්තමානයේ රාජ්‍ය පාලනයේ දෙවැනි තැන උසුලන දි. මු. ජයරත්න නමැති ‘අග මැටි‘ සම්බන්ධව ය. මැට්ටන්ගෙත් මැට්ටා අග මැට්ටා යැයි හැදින්වීම වරදක් සේ මම නොසලකමි.
ඔහු අද ලෝ ප්‍රකට ය. එයට හේතුව අම්බුළුවාව ය. නැතිනම් ලක්දිව සිව්වැනි ජෛව විවිධත්ව සංකීර්ණය නිර්මාණය කළ පුද්ගලයා වශයෙනි. අම්බුළුවාව නොහොත් ගම්පොළ රාජධානියේ බටහිර කඩවත අද සර්වාගමික මධ්‍යස්ථානයක් ලෙසත්, ජෛව විවිධත්ව උද්‍යානයක් ලෙසත්, සම්මන්ත්‍රණ ශාලාවක් නිසාත් ප්‍රකට ය. එහි සිදුවූ බුදුපිළිම සංහාරය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා නිදන් වස්තු මංකොල්ලය ගැන ලෝකයා නොදනිතත්, අපගේ මාධ්‍යයට ඒවා රහසක් නොවේ. අප මේ කතා කරන්නට යන්නේ, අම්බුළුවාවේ අද සිදු ව ඇති සම්ප්‍රදාය දූෂණය ගැන හෙළි කිරිමට යි.
අම්බුළුවාව 1976 දී රක්ෂිත වනෝද්‍යානයක් වශයෙන් ප්‍රකාශයට පත් වූ ජෛව විවිධත්වයෙන් ඉහළ භූමියක් විය. ජෛව විවිධත්වයෙන් අනූන බිමක ජෛව විවිධත්ව සංකීර්ණයක් තැනවීම සදහා 1994 පොදු පෙරමුණු රජයේ ඉඩම් හා වැවිලිකර්මාන්ත අමාත්‍ය දි. මු. ජයරත්න නමැත්තා පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩල පනතක් සම්මත කරගන්නා ලදී. අනතුරුව අම්බුළුවාවේ පෙර පැවති බුදුපිළිමය ද කොටස් 14කට වෙන් කර වල දැමූ ජයරත්න එහි සර්වාගමික මධ්‍යස්ථානයක් කරවීම ඇරඹී ය. නමුත් මෙම අම්බුළුවා මුදුන ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව විසින් ගම්පොළ සිංහයාපිටිය ආරාමයට පූජාභූමි ඔප්පුවකින් ලබා දුන් භූමියක් විය. ජයරත්නගේ කූඨ ප්‍රචණ්ඩත්වය හා නින්දිත උපායන් නිසා හෙර රහසේ ම කඩිනමින් එහි කටයුතු සිදුවිය. පන්සලකට අයත් භූමියක සර්ව ආගමික ගුබ්බෑයමක් ඉදිකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට එදා කිසිවෙකුත් නොසිටියේ ය. සත්‍ය වශයෙන් ම දි. මු. ජයරත්නට සර්වාගමික හෙපටයිටිස් රෝගය වැළදෙන්නේ ගම්පොළ ජනතාව විසින් ඔහුගේ මැරකම් ප්‍රතික්ෂේප කරමින් ඡන්දය නොදෙන වටපිටාවක් නිර්මාණය වන විට දී ය. එම අවස්ථාවේදී ඔහුට සිටි එකම ගැලවුම්කාරයා වන්නේ පුරුකන් හාජ්ජියාර් ලෙස ප්‍රකට කුඩු වෙළෙන්දා ය. මේ සර්වාගමික උණ බෝ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. මේ සර්වාගමික උණ වැළදුණු මන්ද බුද්ධික දි. මු. විසින් විහාර ඉඩමක සර්වාගමික ගුබ්බෑයම කෙසේ හෝ ඉදි කළේය. ඒ නිසා ම අඩුවක් නැතිව ගම්පොළ මුස්ලිම් ඡන්ද ඔහුට ලැබිණි. ඒ පුරුකාන් හාජියාර්ගේ මෙහෙයවීම මත ය. මේ නිසා දි. මු.ගේ බහුතර ඡන්ද දායකවන් වූ මුස්ලිමුන් සදහා ගම්පොළ නගරය පවරා දෙන්නට ඔහු උත්සුක විය. අද වන විට ගම්පොළ නාවලපිටිය මාර්ගය දෙපස සියලු භූමිය පුරුකන් හාජියාර් විසින් අල්ලාගෙන තිබේ. අඩු මිලට සිංහලයන්ගෙන් මිලට ගත් එම ඉඩම් අද කෝටි ගණන් වටිනා දේපල වී ඇත. ගම්පොළ ජනගහණය ද අද බහුතරය මුස්ලිම් ය. නගරාධිපති නොහොත් නරකාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි යනු ද මුස්ලිමුන්ගේ පදයට නටන සිංහල රූකඩයකි.
අම්බුළුවාව වූ කලි මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසින් පිහිටි ප්‍රධාන කන්දකි. සිංහලේ සාම්ප්‍රදායික රාජ්‍ය සංස්කෘතියට අනුව උස් කදු මුදුන් මත ඉදිවූයේ බෞද්ධ විහාරස්ථාන පමණි. රජ මැදුරක් හෝ ඊට ඉහළින් ඉදි නොකරන්නට සම්ප්‍රදාය විසින් අනුබල දී තිබුණි. එහෙත් දි. මු. ජයරත්න විසින් කළ රංගනයේ ප්‍රතිඵලයක් ලෙස, අද අම්බුළුවාව නමැති විහාරයක් සතු දේපල ම යොදාගනිමින්, සර්වාගමික මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. වර්ෂ 2002 දී එ. ජා. ප. ආණ්ඩුව විසින් විවෘත කරන ලද මෙම සර්වාගමික බහුබූතය තුළ ඇත්තේ කෝවිලක්, මස්ජිදයක් හා ක්‍රිස්තියානි පල්ලියක් පමණි. සත්‍ය වශයෙන් ස එහි පන්සලක් නැත. ඒ වෙනුවට ලෝකය රවටන අදහසින් කරවූ පිට්ටු බම්බුවක් වැනි ගොවිජන සෑයක් යැයි කියන යම් ඉදිකිරීමක් තිබේ. එය චෛත්‍යයක් වශයෙන් ප්‍රකට වුවත් එය චෛත්‍යයක් නොවේ. එහි ධාතුන් වහන්සේලා නැත. භික්ෂු ආරාමයක් නැත. කුඩා බුදුපිළිමයක් පමණක් තබා තිබේ. බෝධියක් සහ ශ්‍රී පාදස්ථානයේ ආකෘතියක් ද තිබේ. එහෙත් මේ අංග තිබූ පමණින් මෙය බෞද්ධ විහාරක් ලෙස සැලකිය හැකිද? දි. මු. ජයරත්න අද ලංකාවේ අග්‍රාමාත්‍ය ය. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ය. ඉදින් අපි බුදුසමය රැකගැනීම පවරා දී තිබෙන්නේ මෙවන් අධමයන්ට ද? ඔහුගේ සර්වාගමික මේනියාවට අන්තර්ගත ව ඇත්තේ හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පමණ ද? අම්බුළුවාව මුදුනේ එම ආගමික ස්ථානවල නිතර වත් පිළිවෙත් පැවැත්වේ. එහෙත් කිසිදු බෞද්ධ පිළිවෙතක් එහි දී සිදු නොවේ. ඒ එහි පන්සලක් නැති නිසා ය.
පුරා වසර දහස්ගණනක් පුරා අඛණ්ඩව ගොඩනැගුණු සිංහල බෞද්ධ සංස්කෘතිය නිසි අධ්‍යාපනයක් හෝ හික්මීමක් හෝ නොමැති මන්ද බුද්ධික ම්ලේච්චයන් අතින් තවදුරටත් විනාශ වන තුරු, දූෂණයට ලක්වන තුරු අපි ඇස් කන් පියා බලා හිදිමු ද???
ප.ලි. - වම් කනෙහි ඇතිවූ පිළිකා තත්වයක් නිසා දි. මු. ජයරත්න මේ වන විට අතිශය අසාධ්‍ය තත්වයෙන් ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටී. 2002 දී එජාප ආණ්ඩුව විසින් මෙම පර්වතය දිමුගේ පුද්ගලික දේපලක් ලෙස ලියා දෙන ලදී... එමෙන්ම අසනීප වීමට පෙර දිමු විසින් අම්බුලුවාව තමාගෙන් පසු තම පුතාට හිමිවන සේ අමාත්‍ය මණ්ඩල පනතක් ද සම්මත කරගෙන තිබෙන්නේ , වනජීවි හා වන ආරක්ෂණ පනත සහ විහාර දේවාලගම් පනත ද, බෞද්ධ සදාචාර ධර්ම ද අමු අමුවේ උල්ලංඝණය කරමිනි.

හෙළිදරව්ව සියල්ලන්ගේ ම දැනගැනීම සදහා ෂෙයාර් කරන්න