Jan 1, 2013

මුස්ලිම් ආගමික වතාවත් වලට පමණක් මුල්තැන දීලා

අකුරණ ප්‍රදේශීය ලේකම් කාර්යාලය ආගම හලාල් කරයි.

ලැබුවා වු නව වසර ආරම්භකිරීම සදහ අකුරන ප්‍ර දේශීය ලේකම් කාර්යාලයේ ජනවාරි පළමුවන ද උදෑසන ආගමික වතාවත් පැවැත්විනි. එය සර්ව ආගමික උත්සයක් ලෙස සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට භීක්ෂූන් වහන්සේලාද .කිතුනු හිංදු මුස්ලිම් පූජකයින් පැමිණ සිටියහ.එම අවස්ථාවේ රටේ පොදු සම්ප්‍රධාය හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලන්ගනය කරමින් පළමුකොට මුස්ලිම් ආගමික කටයුතු සිදුකරන ලදි.
රාජ්‍ය ආයතනවල අතීතියේ සිට ආගමික් වත් පිලිවෙත් පැවැත්විනි. ඒ අතර වසර 1989 දී එවකට

ජනාධිපතිවරයා වූ ගරු රනසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් රාජ්‍ය ආයතනවල ජනවාරි පළමුවන දින ආගමික වතාවත් සිදුකරන ලෙස ගැසට් නිවේදයනක් මගින් දැනුම දෙන ලදි. දැනට රාජ්‍ය ආයතනවල ජනවාරි පලමුවනදා ආගමික වතාවත් පවත්වන්නේ ඒ නිර්දේශය මතය. එසේ හෙයින් එය රජයේ අනුමත වැඩ පිලිවෙලකි.
අද දින එනම් ජනවාරි පළමුවනදා අකුරණ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවතුනේ ද එම උත්සවයයි. එහෙත් එහි දී මුස්ලිම් ආගමික කටයුතුවලට මුල් තැන දි තිබිණි. එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය උල්ලන්ගනය කරන්නකි. එම වගන්තිය පැහැදිලිව ප්‍රකාශකරන්නේ ශ්‍රි ලංකා රජ්‍ය බුදධ ශාසනයට ප්‍රමුඛස්ථානය දෙන බවයි.
මෙහි තිබෙන බරපතලම වැරැද්ද වන්නේ මෙම ව්‍යවස්ථා උල්ලංගනය සිදුවන්නෙ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ වීමයි.

මේ සම්බන්ධව සම්පූර්ණයෙන්ම ප්‍රදේශීය ලේකම් වරයා වගකිව යතුවේ.

0 ප්‍රතිචාර:

Post a Comment