Nov 8, 2012

පැලවත්ත පාලම් තුන මංසන්දියේ බුද්ධ මන්දිරය නැවත ස්ථාපිත කේරේ

ප්‍රදේශ වාසීන්හා බොදු සංවිධාන කිහිපයක එකමුතුඑන් මීට සුලු මොහොතකට පෙර පැලවත්ත ප්‍රදේශයේ පාලම් තුන හන්දියේ ඉවත් කේරුනු බුද්ධ මන්දිරය නැවත මහජන හිත සුව පිණිස ස්ථාපිත කෙරුණ,

 තවත් තොරතුරු හා ඡායා රුප






2012-11-08 දින උදෑසන ඉතාමත් නින්දාසහගත අයුරින් පැලවත්ත මංසන්ධියේ බුද්ධ මන්දිරය හා අනෙකුත් ඉදිකිරීම් විනාශකර දැමයේ මේ රට සිංහල බෞද්ධ රටක්ද යන පැනය අප ඉදිරියේ යළි ඉතිරි කරමිනි. සිත් පිත් නැතිව සියලූ විහාරාංග විනාශ කර දැමු නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඒ සඳහා ධර්ම චක‍්‍රය හිසලාගත් පොලිස් ලොක්කන්ගේද ආරක්‍ෂාව ලබා ගෙන තිබිණ. කෙසේ වෙතත් සිදුවීම ආරංචි වූ සැණින් සිංහල රාවයේ පිරිස ක‍්‍රියාත්මක වූ නමුත් ඒ වන විටත් සියල්ල සිදු වී අවසන්ව තිබිණ. අද දිනයේදී පැලවත්ත මං සන්ධියට ඒකාරාශී වූ විශාල පිරිසකගේ විරෝධතාවය හමුවේ ඉහළම පොලිස් නිළධාරීන් ට ඊට මැදිහත්වීමට සිදු විය. ඒ අනුව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මැතිතුමා පැමිණ පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ගරු ආරක්‍ෂක ලේකම්තුමා දැඞ් කණසල්ලෙන් පසුවන බවත් ඒ සම්බන්ධයේ නිසි ක‍්‍රියා මාර්ග ගනිමින් සිිටින බවත්ය. ඒ අනුව පැවැත් වූ සාකච්චාවේදී ආරක්‍ෂක ලේකම්තුමාගේ අනුදැනුම ඇතිව එම ස්ථානයේ රමණීය නව විහාරයක් මාස තුනක් ඇතුළත ඉදිකිරීමට පොරොන්දු වූ බවත් ඒ සඳහා අඩු 06ක බුද්ධ ප‍්‍රථිමාවක් දැනටමත් ඇණවුම් කර ඇති බවද ඔහු පවසා සිටියේය. ඒ අනුව සිංහල රාවයේ පිරිස පවසා සිටියේ ලිඛිත පොරොන්දුවක් දෙනතුරු විසිර නොයන බවයි. ඒ අනුව ලිඛිත පොරොන්දුවක් ලද අතර කඩා බිඳ දැමු සුන්බුන් ඉවත් කොට තාවකාලිකව වන්දනා මාන කිරීම සඳහා අඞ් 03ක උසකින් යුත් බුද්ධ ප‍්‍රථිමාවක් දර්ශනීය පෙරහැරකින් වඩමවා තැන්පත් කොට බෝධි පූජාවක් ද පැවැත්වීමෙන් අනතුරුව පිරිස ජයග‍්‍රාහී ලෙස විසිර ගියේ සිංහල බෞද්ධ බලය හීන කරන්නට පැමිණි කඩුවෙල නගර සභාවේ නගරාධිපති බුද්ධදාස උන්නැහේට ගුටි බැට සංග‍්‍රහයක් සිදු කරසිටියේය. මෙම අන්තවාදී ක‍්‍රියාව හෙළා දකිමින් බෞද්ධ උරුමය වෙනුවෙන් පෙළ ගැසුන සියලූ ජාතිමාමක ජනයාට ජාතියේ ප‍්‍රණාමය හිමි වේවා.

Voice Cut unedited