හලාල් ප්‍රශ්නය



මහ රහතුන් වැඩසිටි බිමේ හෙළ බොදු උරුමය ඇස් පනා පිට වැළලේ.
අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරයි.

සිංහල ජාතියේ අනන්‍යතාවය විදහා දැක්වෙන ඓතිහාසික සාධක දිනෙන් දිනම අන්‍යාගමික අන්තවාදීන් විසින් අපේ ඇස් පනා පිටම වළලා දමමින් සිටී. අම්පාර තිරුක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මොට්ටාගල ඉපැරණි දාගැබ් සංකීර්ණයට අයත් සුවිසල් දාගැබක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර් කර සමතලා කර තිබුණේ මීට මාස තුනකට පෙරය. ක්‍රිස්ත

ු පූර්ව 1-3වන සියවසට අයත් මෙම ඉපැරණි දාගබ් සංකීර්ණයේ ඉතිරිව තිබූ සුවිසාලතම දාගැබද මේවන විට වනසා දමා තිබේ. කලින් වතාවේ ක්‍රියාත්මක වී තිබුණේ මුස්ලිම් අන්තවාදීන් වුවද ඉකුත් සතියේ වනසා දමා ඇති දාගැබට වගකියා ඇත්තේ ද්‍රවිඩයන්ය. ඓතිහාසික පෞඩ උරුමයක වටිනාකමක් නැති අන්තවාදීන් මෙසේ සිත්පිත් නැති ලෙස වනසා දමන්නේ ගඩොලින් මැටියෙන් තැනූ ඉපැරණි ගොඩනැගිලි පමණක් නොවේ. සුවහසක් සිංහල බොදු ජනතාවගේ හදවතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. චෙත්‍ය ගර්භය දක්වාම ඩෝසර් කිරීමෙන් අනතුරුව මතු වූ සොරා ගන්නා ලද පුරාවස්තු වලින් ශේෂ වූ ගඩොල් හා මැටියෙන් කරන ලද භාජන කිහිපයක් ද සොයාගෙන තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වන හැටි.

යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් අහස පොළොව නුඋහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල්න්ටම අපි මතක් කරදෙමු.

මාස ගණනක් තිස්සේ මේසා වටිනාකමක් සහිත පුරාවිදු බිමක් වනසා දමද්දී වගකිව යුතු එකදු බලධාරියෙකු හෝ ඒ පිළිබදව අවධානය යොමුකර ඇති බව දකින්නට නැත. අඩුම තරමේ මෙය පුරාවිද්‍යා භූමියක් බව සදහන් වන පුවරුවක් හෝ සවිකර තිබී නැත. අන්ධ වූ පුරාවිද්‍යා බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම නුඹලාගේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අ සිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.

0 ප්‍රතිචාර:

Post a Comment