Nov 8, 2012

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පැලවත්තේ බුද්ධමන්දිරය ඩෝසර් කරයි



බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්දියේ ඉදිකර තිබූ බුද්ධ මන්දිරය අද දහවලදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර බිමට සමතලා කර ඇතැයි වාර්තා වනවා. නාගරික සවංර්ධන අධිකාරියේ අනුදැනුම මත කඩුවෙල නගර සභාව විසින් බුද්ධ ප්‍රතිමාවහන්සේ සහිත මෙම බුදු මැදුර කඩා ඉවත් කිරීම සිදු කර ඇති අතර එම අවස්ථාව ඡායාරූපගත කිරීම සදහා එම ස්ථානයට ගිය සිංහලරාවය ජාතික සංවිධානයේ
 නියෝජිතයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇති බව සිංහල රාවය සංවිධානය පවසනවා. එහෙත් එම නියෝජිතයාගේ කැමරා උපකරණ පොලීසිය බාරයේ තබාගෙන ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසනවා. මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සදහා යැයි කියමින් මෙසේ මංසන්ධිවල ඉදිකැර ඇති බුද්ධ මන්දිර කඩා ඉවත් කෙරුනද ඒවා යළි ඉදිවන බවක්
පෙනෙන්නට නැති බවයි පැවසෙන්නේ. එහෙත් මෙරට පවතින නීතිය අනුවද ඉදිකිරීම සදහා කිසිදු නීත්‍යානුකූල අවසරයක් නැති අනවසර මුස්ලිම් පල්ලි හා සුරුවම් සංවර්ධන ව්‍යාපෘති වලින්ද නිරූපද්‍රිතව ආරක්ෂා වී තිබීම ගැටළුකාරීයි... (Sorry.news/2012.11.07/02.09pm)