Nov 1, 2012

විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකිරිම එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරයක්

10000 ක පමණ බැතිමතුන් එකවර වන්දනාමාන කල හැකි ආකාරයට නිර්මාණය කිරීමට නියමිතව තිබූ අති විශාල මුස්ලිම් පල්ලියක් ඉදිකිරිම එරෙහිව පැවති විරෝධතා ව්‍යාපාරයක් නැගෙනහිර ලන්ඩනයේදී පවත්වා තිබේ.


ඉස්ලාම් අන්තවාදීන්ගේ සීග‍්‍ර වැඩිවීම තමන්ට තර්ජනයක් විය හැකිය යන අදහසින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බවට මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.

‘ජැග්නටික් මොස්ක්’ නම් වන මෙය ශාන්ත පෝල් කැතඩරල් පල්ලිය මෙන් 4 ගුණයක් විශාල
වන අතර අභ්‍යන්තරය ප‍්‍රාසාදාංගනය අඩි 40 ක් පමණ වන බවත් ඔවුන් ප‍්‍රකාශ කරයි. එහි ඉස්ලාම් පුස්තකාලයක්, කි‍්‍රඩා පහසුකම් හා නවාතැන් පහසුකම් ලබාගත හැකි ස්ථාන 8 ක්ද සමන්විතය.

මෙම පල්ලි නිර්මාණය හා සම්බන්ධ අන්තවාදී මුස්ලිම්වරුන්ගේ අභිප‍්‍රාය වන්නේ තමන් හොඳ මුස්ලිම් බැතිමතෙකු වීමට නම් අනෙකුත් මුස්ලිම් නොවන සියළුම ජාතීන්ගෙන් තමන් වෙන් විය යුතු බව පල්ලිය මඟින් ප‍්‍රචාරය කිරිමයි.

මෙලෙස මෙම මුස්ලිම් පල්ලිය ඉදිකිරීමට ඉඩ දුනහොත් මුස්ලිම් නීතිය මගින් බි‍්‍රතාන්‍යයේ අවට ප‍්‍රදේශද පාලනය විය හැකි බව මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරත වන්නන් ප‍්‍රකාශ කර ඇත.

මූලාශ‍්‍ර –http://rt.com/news/mega-mosque-london-fears-510/

0 ප්‍රතිචාර:

Post a Comment