Dec 4, 2012

බුදු රුව යොදාගෙන ස්පාඤ්ඤයෝ බාල් නටති.


C by Sorry.com facebbok
බුදු රුව යොදාගෙන ස්පාඤ්ඤයෝ බාල් නටති.
SrilankaBudha නමින් බාර් අරිති.

ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුදු රුව සහ අප මව්බිමෙ නාමයද වෙලද සංඛේතය ලෙස යොදා ගනිමින් ස්පාඤ්ඤයේ Sevilla ප්‍රදේශයේ සමාජශාලාවක් ආරම්භ කර තිබෙනවා. 2012 ඔක්තෝබර් 26 දින ආරම්භ කර ඇති මෙහි නම සදහන් කර ඇත්තේ Srilanka Budha Café Chill-Out ලෙසින් වන අතර බුදුන් වහන්සේගේ රුව නිල ලාංඡනය ලෙස යොදාගෙන තිබෙනවා.


අපට වාර්තා වන අන්දමට මෙම තැබෑරුම ඇතුලත ද බුදුරුව සංඛේතයක් ලෙස ප්‍රදර්ශනය තබා තිබෙනවාට අමතරව අත්පිස්නා, රිසිට්ත් සදහාද එම සංඛේතය භාවිතා කර තිබෙනවා. මෙහි ප්‍රධාන දොරටුවට ඉහළින් නාමපුවරුව සදහා යොදාගෙන ඇත්තේද බුදු සිරසක්.


බුදුන් වහන්සේගේ රුව යොදාගෙන පවත්වාගෙන යන පළමු තැබෑරුම හෝ නාඩගම් මඩුව මෙය නොවේ. බොහෝ බටහිර රටවල පමණක් නොව ආසියාතික රටවල පවා උන්වහන්සේගේ රුව හැම දුරාචාර ව්‍යාපාරයකටම යොදාගෙන උන්වහන්සේට කළ හැකි උපරිමයෙන් අපහාස කරයි. මේ සදහා බංකොලොත් පූජක සංස්ථාවලද නොමද අනුග්‍රහය ලැබෙන බවද රහසක් නොවේ. එහෙත් පිරිසිදු තෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ලෝකයට බෙදා හරින බෞද්ධ මධ්‍යස්ථානය වූ ශ්‍රී ලංකාවේ නමද යොදාගෙන "ලංකාවේ බුද්ධ" ලෙසින් පවත්වාගෙන යන මේ වර්ගයේ තැබෑරුමක් ගැන මීට කලින් වාර්තා වූ බව අප අසා නැත. මේ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන් ශ්‍රීලංකාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය පිළිබදව නොදැන සිටිනවා විය නොහැකිය. එහෙයින් මෙය අනවබෝධය මත හෝ නොමැතිව හිතාමතාම බුදු දහමටත් ලංකාවටත් අපහාස කිරීම සදහාම කළ සාහසික ක්‍රියාවක් විය හැකිය. මොවුන් මේ ලෙස තම බඩගෝස්තරය වඩා ගනිමින් සංකර ආශාවල් සංසිදවා ගැනීම සදහා අපකීර්තිමත් ලෙස යොදා ගන්නේ උතුම් විශ්ව දර්ශනයක් හා අපේ රටේ කීර්ති නාමයයි. ඒ හරහා ඔවුන් ලෝකයට දෙන්නේ ලංකාව හා බුදු දහම පිළිබදව වැරදි අර්ථකතනයකි. අද අපේ මව්බිමේ නාමයට බුදු දහමද ඈදා ගනිමින් බාර් අරින මොවුන් හෙට අනිද්දා ගණිකා මඩම්වලට, වැසිකිළි කැසිකිළි වලටත් අපේ මව්බිමේ නම යොදා නොගනීවිද? එතෙක් අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස නිහඩව සිටිය යුතුද? තම රටේ, තමන් අදහන දහමේ කීර්ති නාමය වෙනුවෙන් පෙනී සිටීමට ඕනෑම රටක පුරවැසියෙකුට පරම වූ අයිතියක් තිබේ. එම නිසා මේ නින්දිත ක්‍රියාවට එරෙහිව වහාම කටයුතු කරන ලෙස ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපති අංශ වලට අපි දැඩිව බල කර සිටිමු. එමෙන්ම බුදු දහමටත්, මව්බිමේ කීර්තිනාමයටත් අපහාස කරන සියලුම ක්‍රියාවලට දැඩිව එරෙහිවන ලෙස ලොකයේ සියලුම රටවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා තානාපති අංශ වලින් දැඩිව ඉල්ලා සිටිමු.

අනිත් අතට මෙවැනි අපහාසයක් ඉස්ලාම් හෝ වෙනත් ආගමකට සිදු කළානම් මේ වන විට ඔය කියන තැබෑරුම පමණක් නොව එම රටවල තානාපති කාර්යාලද ගිණි තබා අවසානය. එමෙන් ජේසුස් වහන්සේගේ නම සහ රුව පවා මෙවැනි අපහාසාත්මක ක්‍රියා සදහා යොදා ගැනීමට කිසිදු රටක ඉඩ දෙන්නේ නැත. තමන්ගේ ආගමට දහමට, රටේ කීර්තිනාමයට අවැඩක් වන්නේ කොතනද එම රටවල තානාපති අංශ වහා ඒ සදහා මැදිහත් වෙයි. නමුත් යුධ සමයේ පවා ලංකාවේ බදු ගෙවන ජනතා‍වගේ මුදලින් පිං බත් ගිලිමින් බටහිර රටවලට වී සුරසැප වින්ද, රට වෙනුවෙන් අවම මෙහෙයක්වත් නොකෙරූ ලංකාවේ ඇතැම් විදේශ තානාපති අලසයන් මේ සදහා මැදිහත් වේද යන්න සැක සහිතය. එහෙයින් වගකිය යුතු ලංකාවේ බලධාරීන්ද මෙවැනි අපහාසාත්මක ක්‍රියාවලට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව දැඩිව අවධාරණය කරමු.

තැබෑරුමේ සිද්ධිය එසේ වුවත් ඒ හා සමගාමීව ස්පාඤ්ඤයේ වෙසෙන තවත් පසමිතුරෙකු ගැන අවධානය යොමු කළ යුතුය. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම පුද්ගලයායි.

https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/45315_311251198984203_1001646676_n.jpg

දැනට ස්පාඤ්ඤයේ, මැඩ්රිඩ්හී වෙසෙන මොහු පමුණුගම මීසමේ කටයුතු කළ ඇන්තනී හපුආරච්චි නමැති කතෝලික පාදිලියෙකි. බුදුන් වහන්සේගේ රුව විකෘති කරමින්, අසභ්‍ය ලෙස බුද්ධාගමට අපහාස කරන ෆේස්බුක් පිටු ජාලය පිළිබදව බොහෝ දෙනෙකු මේ වන විටත් දැක ඇතුවට සැක නැත. මොහු එම අපහාසාත්මක කල්ලියේ ප්‍රධාන චරිතයක් රගදක්වන්නෙකි. මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබද මෙරට කතෝලික, ක්‍රිස්තියානි පල්ලියේ කෛරාටික දෙබිඩි පිළිවෙත හා යටි උගුල් ගැන නොදන්නා බොහෝ‍ දෙනෙකු එම අපහාසාත්මක පිටු ජාලය මුස්ලිම් ජාතිකයන්ගෙන් ගිණුමට බැර කිරීමට උත්සහා ගත්ත ද සත්‍ය වශයෙන්ම ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ වෙනත් පිරිසකි. ඒ පිළිබද වැඩිදුර කරුණු ඉදිරියේදී අපි හෙළිදරව් කරමු. කෙසේ වෙතත් මෙකී පුද්ගලයා ඉහත කී තැබෑරුමේ සිද්ධියට සම්බන්ධ වූවත්, නොවූවත් ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ලංකාව තුළද බුදු දහමට එරෙහිව දියත් වන මිෂනාරී මෙහෙයුමේ ක්‍රියාකාරකම් එකකට එකක් සම්බන්ධය. ඒ පිළිබද වැඩි විස්තර මීට ඉහතදී පල කළ ලිපියක ඡේදයක් පහතින් උපුටා දක්වමු.

"වටහාගත් යතු වන්නේ මෙයයි. නවීන විද්‍යාව හමුවේ නිර්මානාත්මක දේව වාදී ආගමික සංකල්පයන් මේ වන විට බටහිර ප්‍රජාවෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින යුගයකි මේ. හුදු නිර්මානාත්මක දේවවාදයක් වෙනුවට නවීන භෞතික විද්‍යාව හා සැසදෙන හා නවීන විද්‍යාවට සම කරන්නටවත් නොහැකි ලොව්තුරා ගෞතම බුදුන් වහන්සේගේ හේතුඵලවාදී විශ්වීය දර්ශනය දෙසට අද බටහිර ප්‍රජාව නැඹුරු වෙමින් පවතී. යුරෝපා රටවල දිනෙන දින වැසීයන පල්ලි හා යාඥා මධ්‍යස්ථාන මෙයට හොදටම සාක්ෂි සපයයි, ඒ හමුවේ කරකියා ගත හැකි දෙයක් නැතිව අන්ත අසරණව සිටින මිෂනාරී පූජක පරමාධිකාරිය යුරෝ,ඩොලර් යොදවා තම හීනමානය දුරු කරගන්නේ මෙසේයි. එයින් නොනැවතී බටහිරට බුද්ධ දර්ශනය බෙදා හරින මූලස්ථානය වූ ශ්‍රී ලංකා දීපයෙන්ද බුදු සසුන අතු ගා දැමීම සදහා බටහිරින් දොරේ ගලන ඩොලර්, යුරෝ වතිකානුවේ ලංකා මූලස්ථානය හරහා යෙදවෙන්නේද ඒ නිසාමය. ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතිය විකෘති කර, සිංහල බෞද්ධයාට මේ රටේ උරුමය අහිමි කර මේ රට දේවරාජ්‍යයක් කරවීමේ කූට ව්‍යාපෘති දියත් වන්නේත් ‍මේ කලු සල්ලිවලිනි."

පල්ලිය විසින් බෞද්ධ සංස්කෘතියට හා ඉතිහාසයට කර ඇති සහගහන අපරාධය ► https://www.facebook.com/media/set/?set=a.501065936577661.132843.274859899198267&type=3

Sorry.com-facebook/2012.12.04/
උපුටා ගැනීමේදී Link සබැදියක් තබන්නට තරම් ආචාරශීලී වන්න.




0 ප්‍රතිචාර:

Post a Comment