Dec 4, 2012

දැන්වත් ඔබ වහන්සේලාගේ ඇස් ඇරෙනවනම්, වාසනාවක්.

අනේ ලොකු හාමුදුරුවනේ, දැන්වත් ඔබ වහන්සේලාගේ ඇස් ඇරෙනවනම්, වාසනාවක්.

පෘතුගීසිකාරයා එනකොට 98% ක් සිංහල බෞද්ධයන් සිටි අතර අද ඉන්නේ 60% ක් බවත් 2040 වන විට එය 40%ට වඩා පහළ බසින බවත්, පුංචි පවුල රත්තරං කියූ බවත් කන මෝඩ දේශපාලනඥයන් එයට වගකිව යුතු බවත් අමරපුර නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියෝ පැවැසූහ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ඞී.ඒ. රාජපක්ෂ 45 වන ගුණ සමරුවේදී මහා නායක හිමියෝ එසේ පැවැසූහ.

මහා නායකහිමියෝ මෙසේද පැවැසුහ.

‘කිව්වට අමනාප වෙන්න එපා ‘ජනං රංජ් කිර්ති රාජා’ යන වචනයේ තේරුම යම්කිසි කෙනෙක් යහතින් ජනයා පාලනය කරයි නම්, රටේ අභිවෘද්ධිය සලසයි නම්, ඒ තැනැත්තා රජු නම් වෙයි. එහෙනම් මහින්ද රාජපක්ෂ රජතුමනි, කීවාට කමක් නැත කියා මට කල්පනා වෙනවා.

ජාතිය මුහුණ දී ඇති බිහිසුණු අනාගත ඉරණම ගැන ප්‍රමාද වී හෝ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා දැන් දැන් ප්‍රකාශ කිරීම ජාතියේ වාසනවක්. සිංහල ජාතියේ පිරිහීමට සාපෙක්ෂව මුස්ලිම් ජාතියේ වර්ධනය හා ඔවුන්ගේ කූට න්‍යය ගැන සිංහල සහෝදරයකු ලන්කcනෙව්ස්.cඔම් වෙබ් අඩවියේ පළකර තිබූ වටිනා අදහසක් මෙසේ සටහන් කරමු.

මේ අය ටවුන් අවට, බෞද්ධ සිද්ධස්ථාන අවට ඉඩම් අරගෙන, හෝ අනවසරයෙන් පදින්චි වීම පුරුද්දක් හෝ උපායක් කරගෙන. ඊට පස්සෙ ඒ එක තැනක පොකුරට ගෙවල් හදා ගන්නව. ඒ ගෙවල් පොකුර මැදට වෙන්න පොඩි ඉඩක පුන්චි පල්ලියක් හදා ගන්නව. මුලින්ම බිමට සිමෙන්ති ටිකක් දාගෙන වටේට ටකරන්. ඊට පස්සෙ වටේට බ්ලොක් ගල්. කිසිම සද්දයක් නැහැ. අවුරුදු කිහිපයකින් මෙතනට පිටිනුත් කට්ටිය එන්න ගන්නව.මුස්ලිම් ගෙවල් අහලකට සිංහලුන් නොයන නිසා මේ සිද්ධ වෙන දේ කාටවත් පේන්නෙ නැහැ. දැන් මෙතනට අවුරුදු 25, 30 පරන ප්ලේස් එකක ලුක් එකක් ඇවිත්. ඔන්න හයිකරනව “ස්පීකරයක්”. ඔන්න සිංහලයන්ගෙ ඇස් ඇරෙනව. පෙලපාලි යනව. “පල්ලිය ඉවත්කරනු” කියනව පල්ලිය අහලකටවත් සින්හලයො නොගියත් රට වටේම ඉන්න මුස්ලිම් ඇමතිල, මන්ත්‍රීල කිසිම බේදයකින් තොරව පල්ලිය කැඩීම ගැන කනගාටුව ප්‍රකාශ කරනව. ජාත්‍යන්තරයටත් කියනව. සින්හල ඇමතිල, මන්ත්‍රීල ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගත්ත අත බලාගෙන “අතුරු මිතුරු දඹ දිවතුරු” කරනව. රට හැම තැනම පල්ලි වල සාමකාමී උද්ගෝෂන. සිකුරාදට ටවුන් වල පාරවල් බ්ලොක් කරගෙන. ණ්ඝ්O වලට රස සිද්ධියක් මේක.සිංහලයො ජාතිවාදීන්…. මුලු ලෝකෙටම කියනව මේක. දැන් ටික ටික සිංහල කටවල් වැහෙනව, ජාතිවාදී ලේබලේට බයේ.
“ජාතිවාදී ලේබලේ….. ” මේක තමයි නියම ආයුදේ….. කෙලින්ම ගහන්නෙ කටට…. ගහපු ගමන් කටවල් ලොක්…. දැන් පලාතෙ සිංහල මුස්ලිම් ආගමික නායකයො කැදවනව…. ඔන්න පොයින්ට් එක….. “ආගමික සහජීවනය…..” අවසානයේ වින් වින් න්‍යය. ඒ කියන්නෙ “අපි සහයෝගෙන් ඉන්නේ” කියල මුස්ලිම් පල්ලියකටත් අවසරේ ලැබෙනව. ඔන්න අරාබියෙන් සල්ලි එනව. ගහනව පල්ලිය ලොකුවට. දානව පස්වේලට ස්පීකරේ. අපේ කන් වලට ඕක හුරු වෙනව තව අවුරුද්දෙන්. ඔය ලගපාතකම තව පල්ලියක්. තවත් එකක්. තවත් එකක්……….. අපි ජාතිවාදියො….. එතකොට මුස්ලිම් එවුන්……???

මේ “ව්‍යාප්තවාදයේ” අවසානය අවුරුදු ගනනාවකින් තවත් ඇෆ්ගනිස්තානයක් බිහිවීම නොවෙයි කියල ඔය “ජාතිවාදය අවුස්සන්න එපා” කියල කෑ ගහන අයට කියන්න පුලුවන්ද?

0 ප්‍රතිචාර:

Post a Comment