Dec 14, 2012

දිවා ගුහාවට අන්යාගමිකයන්ගේන් බලපැමක්

වසර 2593කට පසු ශ්‍රී පාද අඩවියේ පිහිටි බවට ලෝකයට අනාවරණය කළ ‘දිවා ගුහාව’ සැබෑ දිවා ගුහාව නොවන බව පෙන්වීමට ඇතැම් පුවත්පත් විවිධ ප්‍රවෘත්ති පළකරමින් උත්සාහ දැරීම අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවත්, ඔවුන් එවැනි ප්‍රවෘත්ති පළකරන්නේ මුදල්වලට යටවීමෙන් බවට සැක මතුවන බවත් ශ්‍රී පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.


ශ්‍රී පාද අඩවියෙන් සොයාගත් මෙම ස්ථානය දිවා ගුහාව බව තමන්වහන්සේ ස්ථීරවම කියා සිටින්නේ කරුණු කාරණා ඇතිව බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ලෙන භගවාලෙන බවත් උන්වහන්සේ එතැන දිවාහරණය කළ බැවින් දිවාගුහාව ලෙස හඳුන්වා ඇතිබවත් ධම්මදින්න හිමියෝ පවසති.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඔවුන්ගේ පර්යේෂණවල සාර්ථකත්වය මත මෙම කාර්යය සිදුකරගෙන යන බවත් අන්‍යාගමික කුමන්ත්‍රණවලට යටවී එය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රවෘත්ති ඇතැම් පුවත්පත්වල පළ කිරීම පිළිකුලින් හෙළාදකින බවත් ධම්මදින්න නාහිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

0 ප්‍රතිචාර:

Post a Comment