Nov 15, 2012

මහනුවර ප්‍රදේශයේ සිදු වූ කතාවකි ......

මහනුවර ප්‍රදේශයේ එක් තරා ප්‍රසිද්ධ විද්‍යා පන්තියක් තිබේ. එම පන්තියෙහි උගන්වන ගුරුවරයා කතෝලික වන අතර ඔහුට එක්තරා පුරුද්දක් තිබිණි. එනම් පාඩම කරගෙන යන අතර තුර ළමයින්ට නොදැනෙන අයුරින් අන්‍යාගම් හැල්ලු කර විහුලු කිරීමයි. (විශේෂයෙන්ම බෞද්ධාගම )..පන්තියේ 90% ක් බෞද්ධ ළමයි වන අතර මේ බව නොදන්නා ළමයින්ද හිනා වෙයි. විවිධ ගාථා, කවි වලට හරවා කීම සහ සමහර බෞද්ධ සාහිත්‍ය කතා වලට විහිළු කතා ආදේශ කිරීමද කරනු ලබයි.

එක් දිනක උදෑසන වෙනද මෙන් සාමාන්‍ය පරිදි ගුරුවරයා පාඩම කරගෙන ගියේය ...පාඩම කරගෙන යන අතරතුර ගුරුතුමා ......, _'' අහල නැද්ද ළමයි මිහිඳු හාමුදුරුවන්ගේ කතාව .......තිස්ස රජතුමා මුවෝ දඩයම් කර කර ඉද්දි, මිහිදු හාමුදුරුවෝ මිහින්තලේ ගල උඩට නැගල, තිස්ස ඔය ඉස්සරහා තියන ගහ මොකක්ද? කියල ඇහුවලු .....ඊට පස්සේ තිස්ස රජතුමා කිව්වලු, ඔබට ඇත ඉදන් ඇවිත් මාව දන්නෙත් නැතුව මගේ නම කියන්න පුළුවන්, ඒත් ඉස්සර ගහ මොකක්ද කියල දැන්නෙ නෑ ''_ යනුවෙන් තිස්ස රජතුමා මිහිදු හාමුදුරුවන් හැල්ලුවට ලක්කරන සේ රගපාමින් ඉතාතාමත් රසවත් ලෙස හිනායන අයුරින් කියා සිනා සුණේය ....

පන්තියේ සිටි ළමුන්ද සිනා සෙමින් රස වින්දෝය ....එක් සිසුවෙක්ට මෙම සිදු වීම රිස්සුවේ නැත .... නමුත් කිරීමට කිසිවක් නොමැති නිසා පාඩුවේ සිටියේය .. කාලය ගෙවී ගියේය.... ඉන්පසුව ගුරුවරයා පාඩමේ නව අදියරයක් ක්‍රියාත්මක කිරීම සඳහා, පාඩම නව මුහුණුවරයකින් පටන් ගැනීමේ අරමුණින්, "ළබ්" එකට ගොස් එක්තරා රසායන ද්‍රව්‍ය සහිත බෝතලයක් ගෙන පන්තිය ඉදිරියට පැමිණියේ ළමයින්ට මතක සිටින අයුරින් පාඩම පටන් ගන්නා අරමුණිනි .......

ළමුන්, ගුරුවරයා මීලගට කරන්න යන්නේ කුමක් ද යන කුතුහලයෙන් කිසිම සද්දයකින් තොරව ගුරුවරයා දෙස අවධානයෙන් බලා සිටියේය. එම ගුරුවරයා අර රසායන ද්‍රව්‍යය සහිත බෝතලයෙන් ස්වල්පයක් රැගෙන, සැම ළමයෙකුටම පෙනෙන පරිදි මේසය උඩින් තබා ''හරි, ළමයි මන් මේ මේසෙ උඩින් තිබ්බ රසායන ද්‍රව්‍යය මොනවද ? '' යනුවෙන් ඇසුවේය.

ගත උණේ එක් නිමේෂයකි. ගුරුවරයා ප්‍රශ්නේ ඇසුව විගසම ඉහත සදහන් කල සිසුවා නැගිට ''අය්යෝ සර්. සර් මෙච්චර විභාග පාස් කරලා අවුරුදු ගණනක් ලෙක්චර්ස් කරනවා, ඕක දන්නැද්ද ?'' කියා ඇසුවේය ... පන්තියේ සියලුම ළමයින් මදක් නිහඬව සිට එක වරම සිනාසෙන්නට විය ......

මදක් කල්පනා කළ ගුරුවරයාට කාරණය වැටහුණි. මිහිඳු හාමුදුරුවෝ සහ තිස්ස රජ තුමාගේ කතාව කියා විහිළුවට ලක් කළ කතාවට සිසුවා පාඩමක් උගන් වූ බව වැටහුණි..... පසුව ගුරුවරයා පන්තියේ සියළුම සිසුන්ගෙන් සමාව ගත්තේය.

සිංහල ජාතියට හෝ බුදු දහමට කවුරුන් හෝ අපහාස කරනවානම් එය අපගේ දෙමාපියන්ට කළ අපහාසයක් හා සමානය. එවන් මොහොතකදී අපත් නොබියව අවිහිංසාවාදීව ඊට පිළිතුරු දෙමු. අපගේ මුතුන් මිත්තන් අපට දායාද කළ ඒ මහා ජාතික සංස්කෘතික අභිමානය මතු පරපුරටත් ලබා දෙමු.

♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
එම පාසල් සිසුවාගේ ක්‍රියාමාර්ගයට ඔබත් එකඟනම් යාළුවන්ටත් කියවීමට share කරන්න.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦

උපුටා ගත්තේ: සමීර කුමාර මහතා ගෙන්.