Nov 15, 2012

මැදපෙරදිග කලාපයේ සේවය කරන මුස්ලිම් නොවන අයට එරෙහිව


මේ දවස්වල මැදපෙරදිග කලාපයේ සේවය කරන මුස්ලිම් නොවන අයට එරෙහිව නීතියක් සම්මත කරගෙන යනවා. ඒ තමයි යම්කිසි අන්‍යජාතිකයෙක් එහි අන්තර්ජාලය භාවිතාකර මුස්ලිම් ආගමට හෝ එම රටට එරහිව ක්‍රියාත්මක කරන්නා වූ ඕනෑම ක්‍රියාවකට එරහිව එම අධිකරනයේ නඩු පවරා අවම වශයෙන් වසර තුනක කාලසීමාවකට සිරභාරයේ තැබීම හෝ අධිකරනය විසින් යටත් කරනු ලබන ඔනේම දඩුවමක් විඳින්නට සැලැස්වීම.මේ දිනවල
යම් යම් රටවල මේ නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් අරන්.

ඔබ විසින් ඉහත නීතිය නොදන්නේ නම් නම් හෝ ඔබේ නෑදෑ හිතවතුන් මැදපෙරදිග සේවය කරන්නේ නම් මේ පිලිබඳව දැනුවත් කරන ලෙසත් ඔවුන්ව මුස්ලිම් ආගමට එරෙහි ඡායාරූප,පෝස්ට් හෝ වෙනයම් කාරණාවකට ටැග් නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.පාවා දෙන්නන් බහුල සමාජයක ඔවුන් ඔබ වෙනුවෙන් කට ඇර ඔබෙන්ම නසින්නේ නම් එය ජාතියට හා ආගමට එරහිව සිදු කරන බරපතල ක්‍රියාවක් වෙනවා.එම නිසා ඔවුන් ආරක්ශා කිරීම ඔබේ වගකීමකි.