Nov 26, 2012

මම දන්නවා මට පුලුවන්

උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්ම
ක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය

නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන fonterra සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.

0 ප්‍රතිචාර:

Post a Comment