Dec 13, 2012

පිරිත් දේශනාවත් රැප් කරයි

ඔන්න කාලේකට පස්සෙ අපි ආයිත් මේ පැත්තෙ ආවා ..තකහනියම එන්න උනේ සුනිල් පෙරේරගේ ( ඉස්කෝලයක් ඇතුලෙ කෙල්ලොත් එක්ක ඇදුම් ගලවන් නටපු කෙනාගෙ )පුත්තරය ගයාන් පෙරේරා  "භවතු  සබ්බ මංගලං " කියන ගාථා රත්නය රැප් කොරපු සින්දුවට දාගෙන මදු සමය කියල විගඩං නටනව දැක්ක ..ඒකයි .
…                                                               ගයාන් පෙරේර කියන්නෙ කතෝලික භක්තිකයෙක් කියල මම නොකිව්වට තමුන්නැහේල දන්නවනෙ .ඒක ප්‍රශ්නයක් නම් නෑ අපිට ඒ උනාට උන්දැල කසාද බදින්නෙ පල්ලියෙ ඇතුලෙ නොවැ .යාතිකා එහෙම කොරල .ඉතින් මේ වසලයගෙ මේ විගඩමට ඒ පල්ලියේ යාතිකාවක් කිව්වෙ නැතුව "භවතු සබ්බ මංගලම් " කියන ගාථාරත්නය යොදා ගත්තෙ මොකද කියල ටිකක් හිතල බලන්ට .මේකෙ ආයිත් කතා දෙකක් නෑ මේක හැදුවෙම බුදු දහමට අපහාස කරන්නමයි .මෙහෙම ගියොත් අපිට පිරිත් අහන්නත් පුලුවන් රැප් කරපුව ඒ දවස එනකන් බලා හිටපල්ල එහෙනම් කට වහගෙන
                                           තාත්ත සිංහල සංස්කෘතියට ඇගට නොතේරෙන්න මඩ ගහනව ඒකටත් අපේ සිංහල බෞද්ධයෝ කට වහන් ඉන්නව මේ ගමන පුතන්ඩිය බුදු දහමට අපහාස කරල ජනප්‍රිය වෙන්න දගලනව .මේක සිංහල බෞද්ධ රටක් කියන එක මුන්ට අමතක   වෙලාද ?.අපි කාටවත් වෛර  නොකර සියලු ආගම් වලට නිසි තැන දීල නිහඩව ඉන්න නිසා මේ වසලයෝ හිතනව ඇති අපි නිවටයෝ කියල .ඉරාජ් උන්නැහේගෙ සින්දුවකට මුස්ලිම් පල්ලියේ සලාත් කරන සද්දයක් එකතු කලා කියල ඒ සින්දුව තහනම් කරා මතක ඇතිනෙ .ඇයි මේ වගේ පහත් ගීත තහනම් කරන්නෙ නැත්තෙ "අපි අසරන වෙලා වගේ හිතට දැනෙනව බුදු හාමුදුරුවනේ "
                          මම දැක්ක සම"හරක් " කියනව ඕක මොකක්ද ඔයිට වඩා කතා කරන්න දේවල් කොච්චර තියෙනවද කියල .මේකට වැඩිය උඩ ගෙඩි දෙන්නෙ මූළධර්ම වාදියෝ තමා උන් හදන්නෙ කොහොම හරි ලංකාවේ බුදු දහම නැති කොරලම දාන්න ..කවුරු කට වහගෙන හිටියත් අපි කට වහගෙන ඉන්නෙ නෑ මේ අසමජ්ජාති වැඩේ නතර කරන කන් අපි කෑ ගහනව .අපි කියන්නෙ නෑ ගයාන් පෙරේරට ගහන්න බනින්න කියල අපි කියන්නෙ මේ සින්දුව ලංකාවේ තහනම් කරල අයිත් මේ වගේ නින්දිත වැඩ නොකරන්න වග කිවයුත්තො වග බලාගන්න ඕන කියන එක... ගරු ජනාධිපති තුමනි ඔබතුමා නියම බෞද්ධයෙක් කියල දන්නව ඒ වගේම රට කොරවන මහ පොතේ තියෙනව නේද බුදු දහම පෝෂණය කොට ආරක්ෂා කරන්න ඕන කියල .මේ වගේ අසමජ්ජාතින්ගෙ වැඩ නිසා නිර්මල බුදු දහම කෙලෙසෙනව එක නිසා මේ සින්දුව තහනම් කරන්න කටයුතු කරන්න ...
අපි මේකට කට වහගෙන හිටියොත් අර එකෝන්ද මෙකෝන්ද කියන එකා වගේ ඊලග සින්දුවට බුදු රජානන් ඉදිරියේ නිරුවත් ගෑනු ටිකක් දාල නටවයි ..සිංහළුනේ අපි නිහඩව හිටිය ඇති මේ අපහාස රැල්ල වෙනුවෙන් එකා වගේ නැගිටපල්ල අපි එකමුතු උනොත් කරන්න බැරි දෙයක් නෑ .අපේ බුදු දහම තව චිරාත් කාලයක් මේ රටේ වැජබෙන්න නම් අපි මේ වැඩ වලට විරුද්ධ වෙන්න ඕන සින්දු කියපල්ල ඕන තරම් නටපල්ල ඒත් මේ රටේ ඉදගෙන බුදු දහමට අපහාස කරන්න එපා ..ගයාන් ගොයිය මේ කොර ගත්ත අකුසල කර්මෙ නිසා අපායට යන එක නතර කරන්න දෙවියන් වහන්සේටවත් බෑ .මේක බලල ගයාන් උන්නැහේට අඩම් තේට්ටම් කොරල වැඩක් නෑ මේ පහත් වැඩේට විරුද්ධ වෙමු "බුදු සසුණ බැබළේවා "

0 ප්‍රතිචාර:

Post a Comment