Nov 15, 2012

සිංහල ජාතිය වඳ කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණය හෙළි වේ... පංචන ජයසිංහ

(පංචන ජයසිංහ)
2012 නොවැම්බර් 15 වැනි දින
බොදු බල සේනා ජාතික මූලස්ථානයේ දී ය.

පවත්වන ලද ජන සංගණන වාර්තාවන්ගේ සත්ය අසත්යතාව කෙසේ වෙතත් ඒ තුළ දැකිය හැකි මූලිකම හා බරපතලම කරුණක් වූයේ මෙරට ස්වදේශිකයන් වන සිංහල ජනගහණය පහළ බැස තිබීමත්, ඇතැම් සුළු ජාතීන්ගේ වර්ධන වේගය ඉහළ අගයක් පෙන්නුම් කර තිබීමත්ය. "සිංහල" ජාතියට ඇති එකම භූමිය ලංකාව වන නිසාවෙන් මේ අවදානම කෙරෙහි බොහෝ දෙනෙකුගේ තියුණු අවධානය යොමු විය. සිංහල

ජනගහණය වැඩි කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමන් විසින්ද නොයෙකුත් යෝජනාදිය ගෙන එනු ලැබූවත්, ඒවායෙහි විධිමත් ප්රගතියක් දැකිය නොහැකි විය. මේ සම්බන්ධයෙන් ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා විසින්ද අවස්ථා කිහිපයකදීම දැඩිසේ අවධාරණය කර සිටියේ රජය මේ කෙරෙහි ඍජු අවධානය යොමු කොට කඩිනම් විසඳුමක් ඇති කළ යුතු බවයි. මේ සියල්ල දෙස අවධානය යොමු කරන විට පැහැදිලි කරැණක් වනුයේ මෙය කිසිසේත්ම එකවර සිදු නොවුණු ක්රියාදාමයක් නොවන බවත්, කාලාන්තරයක් තිස්සේ දියත් වූ කිසියම් ක්රියාදාමයක ප්රතිඵලයක් බවත්ය. නමුත්, ගැටලුවකට තිබෙනුයේ මේවා සිද්ධ වන්නේ කෙසේද? කවුරුන් හරහාද? යන වග රජය හෝ මහ ජනතාව නොදැන සිටීමයි. මෙලෙස ඇතිව තිබෙන අවදානම් සහගත වාතාවරණය පිළිබඳව දැයේ - සසුනේ ආරක්ෂාව උදෙසා වන බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ සමීක්ෂණයකදී අවසාන වශයෙන් එළිදරව් වනුයේ රට තුළ ශීඝ්රයෙන් පැතිර යන නීති විරෝධී ගබ්සා කිරීම් හා වඳ සැත්කම් මේ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කොට තිබෙන බවයි. එසේම, අදාළ ක්රියාදාමයන් මෙහෙයවන හස්තයන් විජාතික - විදේශික බලවේග බවද අනාවරණය වීම විශේෂයි. ඊටත් වඩා වැදගත් කරුණ වනුයේ මෙකී ක්රියාදාමයෙහි වසර ගණනාවක සිට නිරත වුණු ජනගහන සේවා ලංකා (PSL) හා මාරි ස්ටෝප්ස් ජාත්යන්තර සමාගම (MSI) යන මිතුරු වේශයෙන් සිටින ආයතනයන්හි දිසි අදිසි ක්රියාකාරීත්වයන් මීට බලපා තිබීමයි. "පුංචි පවුල රත්තරන්" වැනි සංකල්ප හරහා රුකුල් දුන් වන්ද්යාකරණ ව්යාපෘතීන්හි සැඟැවුණු නිරුවත මෙසේ හෙළිදරව් වනුයේ අතළඟ වන මහා විනාශයක් වහාම වැළැක්විමට කිසියම් අදෘෂ්යමාන බලවේගයක් විසින් මෙහෙවන්නාක් මෙනි. එහෙයින්, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා ජාලය විසින් එළිදරව් කරනු ලබන කාරණා ඇසුරින් පහත විශේෂ වාර්තාව ගෙන හැර පාමු.

ජනගහන සේවා ලංකා ආයතනය (PSL)

PSL ජනගහන සේවා ලංකා ආයතනය 1973 වසරේදී මෙරට තුළ ආරම්භ කෙරෙනුයේ "බ්රිතාන්යයේ ආධාර දෙන ජාත්යන්තර ජනගහන සේවා ආයතනයේ" අනුබද්ධ ආයතනයක් ලෙසයි. මොවුහු මුලින් ක්රියාත්මක වූයේ ලංකාවේ උපත් පාලන පෙති සහ උපත් පාලන රබර් කොපු බෙදා හරින ආයතනයක් වශයෙනි. පසුව පවුල් සැලසුම් ආයතනයක් ලෙස ක්රියාත්මක වී විදේශ ආධාරද ලැබුණු නිසා 1980 වර්ෂයේදී ස්ත්රී සහ පුරුෂ වඳ සැත්කම් කිරීම ආරම්භ කරන ලදී. පසුව මොවුන් යුරෝපා හවුලෙන් ලද ආධාර මුදල් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල ආයතන ව්යාප්ත කරන ලදී. එසේම මෙම ආයතනය බ්රිතාන්යෙයේ මාරි ස්ටොප්ස් ජාත්යන්තර සමාගමේ ශ්රී ලාංකීය ශාඛාව ලෙස වැඩකටයුතු ආරම්භ කරගෙන යන ලදී. ඒ අනුව ශ්රී ලංකාවේ විවිධ පළාත්වල කාන්තා ගබ්සා කිරීම් සිදුකිරීම ආරම්භ කර තිබිණ. මෙය ඔවුන්ට ආර්ථික වශයෙන් ලාබ ගෙන දෙන ව්යාපෘතියක් බවට ඉතාම කෙටි කලක් තුළදී පත්විය. ඒ සමගම ඔවුන් සිදුකරගෙන ආ අනෙකුත් පවුල් සැලසුම් කටයුතු තවතවත් දියුණු කරගෙන අද වනතුරු නිරුපද්රිසතව කරගෙන යමින් සිටිති. තවද මොවුන් ශ්රී ලංකාව තුරු උපත් පාලන ඒකක සිදුකිරීම හා ලූපය දැමීම වැනි උපත්පාලන කටයුතුවලින් ලාබ ලැබීමට හුරු වී සිටිති.

මාරි ස්ටොප්ස් ජාත්යන්තර සමාගම (MSI)

ශ්රී ලංකාවේ ගබ්සා කිරීම සඳහා තිබූ ඉල්ලුමේ වැඩිකම නිසාම මොවුහු මෙරට PSL ආයතනය සමග එකතු වී ශ්රී ලංකාවේ කටයුතු කිරීම සඳහා 1983දී ලංකාවට සේන්දු විය. එම ආයතනය මවුවරුන්ට හා කුඩා දරුවන්ට ප්රතිකාර සපයන ආයතනයක් ලෙස පිටට පෙන්නුම් කළද, අභ්ය‍න්තරව කරගෙන ගොස් ඇත්තේ නීති විරෝධී මහාපරිමාණ ගබ්සා කිරීම් ආදී කටයුතුය. මෙම ගබ්සාවන් මඟින් ඔවුන් විශාල මුදලක් උපයාගෙන ඇති අතර එම මුදල් අද ඔවුන් ලොකු තැන්පතුවක් ලෙස භාවිත කරයි. මේ වනවිට ඔවුන්ගේ මූල්ය තැන්පතු පමණක් මිලියන 200ක් ඉක්මවන අතර, නිශ්චල හා චංචල දේපළවල ඇති වටිනාකම රුපියල් මිලියන 500ට වඩා වැඩි වේ. මෙම ධනවත්කම නිසාම මොවුනට ලංකාව තුළ කළ නොහැකි දෙයක් නොහැති තරම්ය. මොවුනගේ ක්රියාකාරීත්වයෙන් රට පුරා වෛද්ය මධ්යස්ථාන 16ක් ගබ්සා කිරීම සඳහා පිහිටුවා ඇති අතර ඉන් 11ක් MSI මඟින්ද, ඉතිරි පහ PSL ආයතනය මඟින්ද පවත්වාගෙන යනු ලබයි.
MSI ආයතනය කෙළවරක් නොමැතිව කරගෙන ගිය මෙම ව්යාපෘතිය අතරවාරයේ රජය විසින්ගත් තීරණ අනුව පොලීසිය විසින් කරන ද හදිසි වැටලීම් හා ජනතා විරෝධය හේතුවෙන් ඔවුනගේ ඉදිරි අරමුණු බොහොමයක් බිඳ වැටිණ. විශේෂයෙන් හැටන් - කුරුණෑගල - ජා ඇල - ගාල්ල - රත්නපුරය - කොටහේන පමණක් නොව ඔවුන්ගේ ප්රධානම කේන්ද්රස්ථානය වූ කොළ 03, ආර්.ඒ.ද මෙල් මාවතත්, නො.400 දරන ස්ථානයේ තිබූ ප්රධාන ශාඛාවත් වසා දැමීමට සිදුවිය. එමනිසා MSIහි ක්රියා පටිපාටිය 2007 – 2008 අතර කාලයේදී ඔවුන්ගේ ශ්රී ලංකා නියෝජිතයා වශයෙන් සිටි PSL ආයතනයට පවරන ලදී. ඉන්පසු PSL ආයතනය ගබ්සා කිරීම සඳහා ගෙන්වා තබාගෙන සිටි උපකරණ තොගය රටපුරා නීති විරෝධී ගබ්සා සිදුකරන එක් එක් වෛද්යවරුන්ට මුදලට සැපයීම කරගෙන යන ලදී. ඒ හැර මොවුන්(PSL) ලංකාවට අලුතින්, ගබ්සාව පහසු කිරීම පිණිස පෙති විශේෂයක්ද (mifepristone සහ misoprostol) හඳුන්වා දෙන ලදී. MSI ජාලය තම ක්රියාවන් නැවැත්වීමට පෙර පොලීසිය තම ආයතනය වටලන බවට ලද ඉඟියක් නිසා PSL ආයතනයට සිය මූල්ය හා නිශ්චල - චංචල දේපළ සියල්ල පවරන ලදී. එමඟින් PSL ආයතනට ඉතා පොහොසත් බවට පත්විය. නමුත්, ඒ වනවිටත් MSI හරහා කෙරැණු විනාශය සුළුපටු නොවේ.

මොවුන් හරහා 1983 සිට 2009 සැප්තැම්බර් දක්වා

• උපකරණ මඟින් කරන ලද ගබ්සාවන් ප්රමාණය 877963කි.
• පෙති මඟින් කරන ලද ගබ්සා ප්රරමාණය 2009 දක්වා 3114කි.
• PSL ආයතනයේ 2011 වසරේ ගබ්සා කිරීමේ පෙති අලෙවි ඉලක්කය පමණක් 12,500කි. මොවුන් විසින් මෙලෙස ගබ්සා කිරීමේ පෙති අලෙවි කරන බවටත්, බෙදා හරින බවටත් සනාථ කිරීම සඳහා ඔවුන් විසින් සිදුකළ ගනුදෙනුවල විකුණුම් කුවිතාන්සිද සාක්ෂි වශයෙන් ඇත.එපමණක් නොව, PSL ආයතනය විසින් මසකට රුපියල් 20,000/- වැටුපකට Esses Pharmacy ආයතනයේ අලෙවි නියෝජිතයෙක්ද මෙම ගබ්සා කිරීමේ පෙති අලෙවි කිරීමේ කටයුත්ත සඳහා පත්කර ඇත.
• PSL ආයතනය විසින් මෙම ගබ්සා කිරීම් සඳහා ප්රයෝජනයට ගන්නා උපකරණ හා සිලින්ජර්(MR-Kite) නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන රට පුරා සිටින වෙනත් වෛද්යවරුන් සඳහා අලෙවිකරන ලද බවට සහතික කිරීමටද සාක්ෂි තිබේ. නාරාහේන්පිට පොලීසිය සහ සෞඛය අමාත්යංශයේ CDDA අංශය විසින් 2012 ජනවාරි 23 වැනි දින අංක 155, කිරුළ පාර, නාරාහේන්පිට, කොළඹ 05 ස්ථානයේ පිහිටි PSL ප්රධාන කාර්යාලයට කඩා වැදී උසාවියට ඉදිරිපත් කිරීම සඳහා ගබ්සා කිරීම් සඳහා යොදා ගන්නා උපකරණ හා සිලින්ජර් (MR-Kite) භාරයට ගන්නා ලදී. එම වැටලීමේදී එසේ සොයාගත් Mr-Kite ඇතුළු උපකරණ තොගය උසාවියට ඉදිරිපත් කර තිබුණද PSL ආයතනය තම මුදල් බලයෙන් එම නඩුවෙන්ද කිසිඳු ප්රශ්නයක් නොමැතිව නිදහස් විය. එපමණක් නොව, එම සියලු භාණ්ඩ ඉහත ලිපිනයේ පිහිටි PSL ප්රනධාන කාර්යාලය වෙත ගෙන්වා ගන්නා ලද අතර, පසුව එම භාණ්ඩ හොර රහසේම වෙනත් ස්ථානයකට හොරරහසේම රැගෙන විත් තිබේ.

PSL ආයතනය ලංකාව තුළ සිදුකළ වඳ සැත්කම් ප්රෙමාණය (LRT’s) සංඛ්යාකත්මක වශයෙන් මෙසේය.

2007 – 3202
2008 – 3332
2009 – 2738
2010 – 4112
2011 – 4432
2012 – 8000ක වඳ සැත්කම් ප්රමාණයක් අපේක්ෂිතය. එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකි.

PSL ආයතනයේ වර්තමාන ක්රියාවලිය හා අනාගත සැලසුම්

• PSL ආයතනය දැනට සෞඛ්ය අමාත්යංශයේ පවුල් සෞඛ්ය සේවා කාර්යාංශය (FHB) සමඟ එකතු වී දිවයින පුරා LRT වැඩසටහන් පවත්වාගෙන යන නිසා ඔවුන් මෙය ඔවුන්ගේ LRT ක්රියාවලිය වැඩි දියුණුවට අයථා ලෙස ප්රයෝජනයට ගනිමින් එම ක්රියාවලිය විශේෂයෙන් සිංහල ජනගහණය වැඩි ප්ර‍දේශවල බහුලව සිදුකරගෙන යමින් සිටි.

• EU මඟින් දෙන ලද ආධාර 2012 ජූනි මාසයෙන් අවසන් වන හෙයින් PSL ආයතනයේ වසා දමා තිබූ වෛද්ය මධ්යස්ථාන පුත්තලම - මන්නාරම - වව්නියාව - හොරොව්පොතාන සහ ත්රිකුණාමලය යන PSL වෛද්යය මධ්යස්ථානවලට අමතරව රත්නපුරයේ අලුතින් වෛද්ය මධ්යස්ථානයක්ද ආරම්භ කිරීමට සැලසුම් කරගෙන යන ලදී. PSL ආයතනයේ මතු බලාපොරොත්තුව මෙම වෛද්යය මධ්යස්ථාන තුළින් පවුල් සැලසුම් ක්රම කරගෙන යන අතර නීති විරෝධී ගබ්සා පෙති හොර රහසේ සූක්ෂමව අලෙවි කිරිම් සැලැස්මක්ද හොර රහසේම සූක්ෂමව අලෙවි කිරීමේ සැලැස්මක්ද ක්රියාත්මක කරගෙන යන ලදී.

• PSL ආයතනයේ අරමුණ වූයේ මෙම ගබ්සා පෙති තම ආයතනයේ අලෙවි නියෝජිතයන් මඟින් රටපුරා අලෙවි කිරීමයි. නමුත් එයට ඔවුන් එකඟ නොවූ නිසා සූක්ෂම ලෙස ඔවුන් සියලු දෙනා සේවයෙන් ඉවත් කර එම කාර්යය සඳහා අලුතින් බඳවා ගන්නා ලද අලෙවි නියෝජිතවරුන් මඟින් අලෙවි කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතී.

• PSL ආයතනයේ සේවය කළ පැරණි සේවක මණ්ඩලය මෙම ගබ්සා පෙති විකිණීම අනුමත නොකරන ඊට විරුද්ධ වූ බැවින් ඔවුන් සියලු දෙනාම සූක්ෂම ලෙස ආයතනයෙන් නෙරපීමද මේ වනවිට සිදුවෙමින් පවතී.

• MSI ආයතනය PSL ආයතනයේ ලංකාවේ ප්රධානියා ලෙස Simon hariss නමැති ලංකාවේ NGO කිහිපයක සේවය කරන ලද බ්රිතාන්ය ජාතිකයෙක් පත්කරන ලදී. පසුව ඔහු එම ආයතනයේ උපදේශකයෙකු ලෙස පත්වීම ලබා PSL ආයතනයේ ලංකාවේ ප්රධානියා ලෙස Surend Remond නමැති බ්රිතාන්ය පුරවැසිභාවය ලබා තිබෙන ද්රවිඩ සම්භවයක් ඇති රෝමානු කතෝලික පුද්ගලයෙකු පත්කර ඇත.

• PSL ආයතනයේ වැඩිම සේවකයන් සිටිනුයේ ක්රිස්තියානි ආගමිකයන්ය. ඔවුන්ගේ බලාපොරොත්තුව වනුයේ මෙම ආයතනය මුළුමනින්ම ක්රිස්තියානීකරණය කිරිමයි. එමඟින් මෙම ආයතනයේ නීති විරෝධී ක්රියාවලීන් සඳහා අනෙකුත් ආගමික බලපෑම් අවම කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

• PSL ආයතනය මෑතකදී එම ආයතනයේ සේවය ගම්මට්ටමින් ප්රාදේශීය නිලධාරීන් ලවා පවුල් සැලසුම් ක්රම හා පවුල් සැලසුම් ක්රාමවේදයන් හා ගබ්සා කිරීම් ගැන සමීක්ෂණයක් ප්රශ්න පත්ර මඟින් ගෙන් ගෙට ගොස් සෞඛ්යබ අමාත්යංශයේ කිසිඳු අනුමැතියකින් තොරව පවත්වා තිබේ. මෙය ඉතාමත් භයානක කටයුත්තකි.

• PSL ආයතනය ඔවුන්ගේ ස්ත්රීය වඳ සැත්කම් ක්රියාවලිය තව තවත් වැඩිකර ගැනීම සඳහා FHB ආයතනයේ අධ්යක්ෂිකාවක් ලෙස සේවය කළ වෛද්ය විනීතා කරුණාරත්න මහත්මියද තම PSL ආයතනයේ උපදේශකවරියක් ලෙස විශාල දීමනාවක් ලබා දී පත්කර ගන්නා ලදී.

• PSL ආයතනය තම ශාඛා ජාලය තුළින් වෙනත් ස්ථානවලද විශාල ගබ්සා මධ්යස්ථාන ප්රිමාණයක් ඇතිකිරීම සඳහා සැලසුම් සකස් කරගෙන යමින් පවතී.



සිංහල ජාතිය වඳ කිරීම සඳහා PSL ආයතනයේ කුමන්ත්රණය හා ඊට එරෙහිව වහාම යෙදිය යුතු පිළියම්...


1988 අගෝස්තු 17 වැනිදා සෞඛ්ය අමාත්යංශයේ LRT කිරීම සඳහා බලපැවැත්වෙන ලේඛනයේ සඳහන් වී ඇත්තේ LRT සැත්කමක් කර ගැනීම සඳහා අවශ්යය කාන්තාවක් අවම වශයෙන් වයස අවුරුදු 26ක් සම්පූර්ණ වී අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු සිටිය යුතු අතර දෙවැනි දරුවාටද වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වී තිබිය යුතුය. නමුත්, එය අවම වශයෙන් කාන්තාවගේ වයස අවු.40 දක්වාද, අවම වශයෙන් දරුවන් තිදෙනෙකුගේවත් මවක් වියයුතු යැයි සංශෝධනය විය යුතුය.

PSL ආයතනයට දිනකට LRT වඳ සැත්කම් 40ක් පමණ සිදු කිරීමට අවසර ලැබී ඇත. එහෙත්, LRT සඳහා තිබෙන අධික ඉල්ලුම නිසා දිනකට ඔවුන් ඊටත් වඩා විශාල සංඛ්යාවක් LRT සැත්කම් සඳහා භාජනය කරනු ලැබේ. එහෙත් MSI ආයතනයට එංගලන්තය වැනි රටක පවා අවසර දී ඇත්තේ දිනකට සැත්කම් 10ක් සඳහා පමණි. බංගලාදේශය වැනි අධික ජනගහණයක් වෙසෙන රටකටද අවසර ලැබී ඇත්තේ සැත්කම් 15ක් සඳහා පමණි. එහෙත්, ලංකාව වැනි රටකට සැත්කම් 40ක් හෝ ඊට වැඩි ප්රමාණයක් කිරීමට ඉඩ ලබා දී තිබීම ඉතා විශාල ප්රශ්නයකි. මෑතකදී සිට මෙම ආයතනයට උපදේශිකාවක් වශයෙන් Family Health Buro ආයතනයේ අධ්යක්ෂිකාවක් වශයෙන් සේවය කළ වෛද්ය විනීතා කරුණාරත්න මහත්මියද සම්බන්ධ කරගෙන ඇති අතර ඇගේ බලයෙන් මෙම LRT සැත්කම් වැඩසටහන PSL හරහා තවදුරටත් හිතුමතයේ කරගෙන යනු ලබයි. එම නිසා සෞඛ්යර අමාත්යංශය වහාම පියවර ගෙන මෙම LRT සැත්කම් සඳහා ලබා දී ඇති අවසරය උපරිමය 15ට හෝ 10කට වහාම සීමා කළ යුතුය. එසේ නොමැති වුවහොත් දුප්පත් අම්මලා කිසිඳු ප්රමිතියකින් තොරව කපා කොටා දමා සිංහල ජාතිය වඳ කර දැමීමට ඔවුන් සිතු සේ කටයුතු කරනු ඇත.

ඉකුත් වසර පහක දත්ත සලකා බැලුවහොත් සිංහල කාන්තාවන් කෙරම් ප්රමාණයක් මෙම LRT වඳ සැත්කම් සඳහා භාජනය කර ඇද්දැයි යන්න තේරුම් ගත හැකිය. මෑතකදි මොවුන් වැඩිපුර සිංහල ජනකොටස් වෙසෙන අනුරාධපුරය - පොළොන්නරැව වැනි ප්රදේශවල සේවය කරන පවුල් සෞඛ්යො නිලධාරිනීන් (වින්නඹු අම්මලා) සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගිවිසගෙන අදාළ පළාතේ MOH සෞඛ්ය වෛද්ය නිලධාරීවරයාගේ අනුමැතියවත් නොමැතිව මෙම අම්මලා කිසියම් මාර්ගයකින් කොළඹට ගෙන්වා ගෙන දිනපතා කෙරෙන FHB ආයතනයේ LRT සායනයට භාජනය කරනු ලබයි. එම නිසා සෞඛ්යද අමාත්යංශය වහාම ක්රියාත්මක වී කිසියම් කාන්තාවක් FHB ආයතනයේ LRT සායනයට භාජනය වීමට පැමිණෙන්නේ නම් අදාළ ප්රදේශයේ MOH නිලධාරියාගේ ලිඛිත අවසරය අනිවාර්ය කිරිම කළ යුතුය.

මෑතකදී සිට PSL ආයතනය තව තම LRT ක්රියාවලිය තවත් ඉහළ නැංවීම සඳහා එම ආයතනයේ මන්නාරම හා ත්රිකුණාමලය ශාඛා භාරව කටයුතු කරන රසාර්ක්, සැම්සුඩීන් හා මුතුකුමාරණ මහත්වරුන් එකතු වී එම ප්රදේශවල MOH, RDHS එම පළාත්වල සිටින VOGවරුන් සමඟ එකතු වී LRT වැඩසටහ සඳහා අම්මලා සහභාගී කරවන රෝහල් නිලධාරීන්ට රු.500/= බැඟින්ද, සහභාගීවන අම්මලාට රු.500/= බැඟින්ද පිරිනමමින් ක්රියාත්මක කරගෙන යනු ලබයි. අදාළ මුදල් පරිත්යාග ලබා වඳ සැත්කම්වට භාජනය වන්නන් සිතනුයේ ඒවා රජයෙන් පිරිනැමෙන ආධාර කියාය. මෙය වඩාත් සූක්ෂම ලෙස සිදුවන භයානක ක්රියාවලියකි.

PSL ආයතනයේ තම ශාඛා (Clinic) මඟින් ළමයි නොලැබෙන දීර්ඝ කාලින් උපත්පාලන ක්රම IUPD(ලූපය) ඉතාමත් අඩු මිලට එනම්, රු.200/= හෝ රු.300/= වැනි මිලකට ලබා දීමද නිදැල්ලේ සිදුකරගෙන යනු ලබයි.

බරපතලම කාරණය වනුයේ මෙම PSL ආයතනයේ මතු බලාපොරොත්තුව හා යටි අරමුණ වී ඇත්තේ කිසියම් ක්රමයකින් හෝ ස්ත්රී ගබ්සාව ලංකාව තුළ ව්යාප්ත කිරිමයි. දැනට තිබෙන දත්ත හෝ සාධක අනුව බැලුවහොත් වහාම ක්රියාත්මක වී එම ආයතනය වසා දමා එහි ප්රධානීන් සියලු දෙනා අත්තඩංගුවට ගෙන ප්රවන කර, මෙහි කරගෙන ගිය සහ කරගෙන යන, මතු කිරීමට බලාපොරොත්තු වන සියලුම දේ පරීක්ෂා කර අදාළ ආයතනය යළි ඇරැඹිය නොහැකි සේ සම්පූර්ණයෙන්ම වසා දැමීම අත්යවශ්යම වී ඇත. නමුත් මේ සියල්ල රජයේ මැදිහත් වීමෙන් සාර්ථකව සිදු කළ හැක්කේ රජය කිසි ලෙසකින්වත් ඔවුනගේ මුදලට ගිජුකම් නොපාන්නේ නම් පමණි. මෙහි ප්රධානීන්ට නිදැල්ලේ සිටිමට ඉඩ හැර කුමන පරීක්ෂණයක් සිදු කළත් එහි කිසිඳු ප්රයෝජනයක් සිදුවන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ තිබෙන මුදල් බලයෙන් සියලුම පරීක්ෂණ යටපත් කිරීමේ බලය ඔවුන් සතුව ඇති බැවිනි. එම නිසා එහි ප්රධානින් සියලු දෙනා අත්තඩංගුවට ගෙන, රඳවා තබාගෙන එම ආයතනය වටලා, එම ආයතනයේ පරිගණක පද්ධතියේ හා පොත්පත්වල ඇති දත්ත පරීක්ෂාකර බලා එහි සිටින සුළු සේවකයින්ගෙන් හා හෙද සේවකයින්ගෙන්ද විමසා බලා වැරදිකරුවන්ට දඬුවම් පමුණුවා ආයතනය සතු සියලු දේ රජයට පවරා ගත යුතු වේ.

LRT වැනි සැත්කම් සඳහා බලපාන ඉතාම සාධාරණ හේතු සාධකද තිබේ. එහෙයින්, රජය මඟින් කළ යුතු වන්නේ MSI ආයතනයට මින් පසුව LRT හා අනෙකුත් කටයුතුවලට එවන මුදල් FHB එකට එවන ලෙස දන්වා FHB ආයතනය මඟින් ලංකාවේ නිසි පරිදි LRT සැත්කම් කිරීමට අවශ්ය ය පහසුකම් හා සම්පත් ලබා දීමයි.

මෙම LRT සහ ස්ත්රීව ගබ්සා කිරීම මඟින් වැඩි වශයෙන් බලපානුයේ මේ රටේ ඓතිහාසික උරුමකරුවන්වන සිංහලයන්ටයි. එම නිසා වහාම ක්රියාත්මක වී මේ ගැන කඩිනම් පියවරක් නොගතහොත් තවත් වසර 50ක් ඉක්ම යන විට සිංහල ජාතිය වඳ වී යනු ඇති බව නියතයි.

මෙම PSL ආයතනය වැටලීමට රජය ක්රියාත්මක වේ නම් ඒ සඳහා ඉතා විශ්වාසදායක ආරක්ෂක බල ඇණියක් සිටිය යුතුය. තවද එම උපාංග ගැන හොඳින් දන්නා නිලධාරීන් සහ පරීක්ෂණ ක්රියාත්මක කිරීම හා පරිගණක මෘදුකාංග ගැන හොඳින් දන්නා නිලධාරීන් හතර පස් සෙනෙකු හෝ සිටිය යුතුය. එසේ නොවුණහොත් ඔවුන්ගේ දත්ත ක්ෂණිකව ඉවත් කිරීම - මකාදැමීමට පහසුකම්ද ඔවුන් සතුව ඇති බැවින් ඔවුන් දත්ත විනාශ කිරීමට පෙර නිලධාරීන් ක්රියාත්මක වියයුතු බැවිනි.

කවරක් වුවත්, MSI හා PSL ආයතනය කෙසේ හෝ පැරණි ක්රම ක්රියාත්මක කිරීමට නොහැකි වුවත් නූතන ක්රම මඟින් (පෙති මාර්ගයෙන්) ස්ත්රීන් ගබ්සා කිරීම සිදුකරගෙන යනු ලබයි. කොතරම් පරීක්ෂණ කළත් PSL ආයතනයේ 155, කිරුල පාර, නාරාහේන්පිට ආයතනයේ හෝ නැතහොත් 400 සහ 400/8 ආර්.ඒ.ද මැල් මාවත යන ස්ථානවල ගබ්සා කිරීම සඳහා භාවිතවන උපාංග රඳවා ඇත. PSL ආයතනයේ අලුත්ම සැලසුම වී ඇත්තේ කිසියම් හෝ කුමන්ත්රණයකින් FHB ආයතනයේ හා සෞඛ්ය අමාත්යංශයේ සහ අනෙකුත් රාජ්යය නිලධාරීන් සමඟ කුළුපගව කටයුතු කර කෙසේ හෝ ක්රමයකින් ඔවුන්ගේ ගබ්සා වීමට දෙන පෙති ශ්රී ලංකාව පුරා ලියාපදිංචි කර ව්යාප්ත කිරීමයි. යම් හෙයකින් එසේ වුවහොත්, ලංකාව ඉතා ඛේදජනක තත්ත්වයකට පත්වන බව කිවයුතු නොවෙයි. ඒ සඳහා ඔවුන් කිසිදා සැකයක් ඇති නොවන පරිදි ඉහළ රාජ්ය නිලධාරීන් සමඟ සමීප සබඳතා පවත්වා මෙහි අවශ්යතාව රටතුළ ප්රබල වශයෙන් ඇති බවට කරැණු ඉදිරිපත් කර ඔවුන්ගේ අවශ්යතාවන් වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසී ඒ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් අවශ්ය සැලසුම් සපුරා ගනිමින් පවතී.

ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්යය අමාත්යංශය කළ යුතුවන්නේ PSL ආයතනයේ පිරිදි ඒ සඳහා සුදුසු වෛද්යංවරුන් පුහුණුකර FHB හෝ සෞඛ්යය අමාත්යංශයේ හැර වෙනත් කිසිඳු රාජ්ය නොවන හා පෞද්ගලික ආයතනයකට ඉඩ නොතබා අවශ්යය පරිදි එම සැත්කම් රාජ්ය ආයතන මඟින් ක්රියාත්මක කිරීමයි. තවද සෞඛ්ය අමාත්යංශය මැදිහත් වී LRT සැත්කම් ක්රියාත්මක කිරීමට අවශ්යය පහසුකම් සලසා දී FHB ආයතනය තවතවත් ජංගම ඒකක ඇතිකර නිසි ප්රමිතියකින් යුතුව අත්යවශ්යය අවස්ථාවකදී පමණක් LRT සැත්කම් කිරීමට රජයේ වගකීමක් ඇතිව ක්රියාත්මක කිරීමට පහසුකම් සලසා දීමයි. ඒ අනුව මුලින් මෙහි සඳහන් කර ඇති පරිදි LRT සැත්කමක් කර ගැනීමට අවශ්යය මූලික සුදුසුකම් වන වයස අවු.40ට වඩා වැඩි වීම හා අවම වශයෙන් ළමයි තිදෙනෙකුවත් සිටීමේ තත්ත්වයට මෙන්ම, දිනකට සිදුකරන වඳ සැත්කම් ප්රමාණය උපරිමය 10 දක්වා හෝ අඩුකිරිමට නීති රීති සම්පාදනය කිරිමද අවශ්යය වෙයි.

- බොදු බල සේනා -