Nov 21, 2012

හලාල් යනු

ලංකාවේ දැන් පැහැදිලිවම "හලාල් මාෆියාවක්" ක්‍රියාත්මක වේ . එයට මාෆියාවක් කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 9.71% වන මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයක් වෙනුවෙන් ඉතිරි 90.29% වන ජනතාවටත් බලෙන් හලාල් ආහාර කැවීමට කටයුතු කිරීමයි. සමස්ථ ලංකා ජම්ඉය්යතුල් උලමා හරහා ලංකවේ සැම අහාරයක්ම හලාල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. ඔවුන්ම කියන පරිදි දැනට ආහාර වර්ග 4500කට
අධික ප්‍රමාණයකට ඔවුන් හලාල් සහතිකය ලබා දී ඇත. කලක පටන් මාංශ ආහාර සදහා මෙම ක්‍රමය ක්‍රියාත්මක උවත් දැන් දැන් පාන් පිටි, තේ, බිස්කට් වැනි ආහාර සදහාද හලාල් සහතියකය පැටවීමට ක්‍රියාකරගෙන යයි. ඉස්ලාම් ආගමෙන් හරාම් නොවූ ද්‍රව්‍ය අඩංගු වන මැලිබන් ලේමන් පෆ් වැනි බිස්කට් වර්ගයකට හලාල් සහතිකයක් අවශ්‍ය වන්නේ ඇයි. ප්‍රශ්නය ඇති වන්නේ එතනයි.

මෙය තෝරාබේරා ගැනීමට මුලින්ම හලාල් ආහාරයක් යනුවෙන් හැදින් වෙන්නේනේ කුමක්දැයි බලමු. "හලාල් " යන අරාබි වචනයේ තේරුම
අනුමැ
තිය දෙනු ලැබු දේ යනුය. එනම් අල් කුරානය මගින්ද නබිතුමා විසින්ද අනුමැතිය ලබා දුන් දේටය. "හරාම්" යනු තහනම් දෙය. ඒඅනුව ඉස්ලාමිකයන්ට පහත ආහාර වර්ග ගැනීම හරාම් වේ.

01. ඌරු මස් හෝ ඌරුමස් අඩංගු අහාර
02. සෝභාවිකව මියගිය සතුන්.(ඝාතනය කිරීමට පෙර)
03. අල්ලාහ් ගේ නාමයෙන් ඝාතනය නොකල සතුන්
04. ලේ හෝ ලේ අඩංගු ද්‍රව්‍ය
05. ඇල්කොහොල්
06. මාංශභක්ෂක සතුන්
07. පියබා ගොස් ගොදුරු අල්ලා ගන්න පක්ෂීන් (උකුස්සන් වැනි)
08. ගොඩබිම වෙසෙන බාහිර කන් නැති සතුන්(උරගයින්)

පහත දක්වා ඇත්තේ ලංකාවේ විකිනීමට ඇති මැලිබන් ලෙමන් පෆ් පැකට්ටුවක අන්තර්ගත ද්‍රව්‍යයි.

01. පාන් පිටි
02. එළවලු මේද
03. කිරි පිටි
04. සීනි
05. ග්ලුකෝස්
06. මෝල්ට් සාරය
07. බඩඉරිගු වලින් ලබා ගන්න පිෂ්ටය
08. ලුණු
09.ඇමෝනියම් බයිකාබනේට්
10. සෝඩියම් බයිකාබනේට්
11. ලෙමන් ඔයිල්
12. E 102 වර්ණකාරකය

මෙහිදී හරාම් දෙයක් ඇත්තයි සැලකිලිමත් වීමට ඇත්තේ  E 102(Tartazine)  වර්ණකාරකයේ පමණක් උවත් හලාල් ආහාර සම්බන්ධ ඉස්ලාමික වෙබ් අඩවියක එය සදහන්ව තිබුනේ මෙසේය.

E 102 - Tartazine - if obtained from natural source then it is soluble in water then it is Halal. If obtained from synthetic dye then it is Halal only if it mix with vegetable oil.

ඒ අනුව බිස්කට් සාදන ද්‍රව්‍යවල සත්ව තෙල් අඩංගු නොවන බැවින් මිශ්‍රණයේ ගැටළුවක් ඇතිවන්නේ නැත.
මෙසේ පැහැදිලිවම හලාල් සහතිකයක් අවශ්‍ය නොවන ආහාරයක් සදහා සහතික ලබා දීමට යාමෙන් පෙනී යන්නේ කුමක්ද? හලාල් මාෆියාවක් ක්‍රියාත්මක වන බව නොවේද? ඉස්ලාමිකයන්ට හලාල් ආහාර ඉල්ලීමේ අයිතිය සේම අපට හලාල් නොවන ආහාර ඉල්ලා සිටීමේ අයිතියද තහවුරු කරමු.

0 ප්‍රතිචාර:

Post a Comment