Nov 13, 2012

◄ දැයට සුවය ගෙනෙන දියණියනි, ඔබට අපගේ සුබපැතුම් ► "මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා... ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි..." මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ ඔසුව මගින් ඩෙංගු රෝගයේ අවස්ථා හතරම ඖෂධ මගින් සුවකළ හැකි බවද රජයේ වෛද්‍යවරුන් ඩෙංගු රෝගය බවට සනාථ කර ඇති දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන් 42 දෙනෙකු මේ වනවිට සුවපත් කර ඇති බවද සර් වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේදීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාක වියලා කුඩුකර මෙම ඖෂධය සාදා තිබෙනවා. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරනවා. මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි. “මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා. මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට තමා සමඟ කතා කළද තමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද ඇය කීවාය. දැයට සුව සදන වෛද්‍යාචාර්ය තුමියනි, ඔබට අපේ සුබපැතුම් !


"මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා... ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි..."



මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ ඔසුව මගින් ඩෙංගු රෝගයේ අවස්ථා හතරම ඖෂධ මගින් සුවකළ හැකි බවද රජයේ වෛද්‍යවරුන් ඩෙංගු රෝගය බවට සනාථ කර ඇති දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝගීන් 42 දෙනෙකු මේ වනවිට සුවපත් කර ඇති බවද සර්
වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක ව
න අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේදීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාක වියලා කුඩුකර මෙම ඖෂධය සාදා තිබෙනවා.

ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරනවා. මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි.

“මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා.

මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට තමා සමඟ කතා කළද තමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද ඇය කීවාය.

දැයට සුව සදන වෛද්‍යාචාර්ය තුමියනි, ඔබට අපේ සුබපැතුම් !