Nov 21, 2012

වෙහෙර මහදෙවි පරපුරේ නුඹ

දයාබර නැගණියෙනි...

"දැයේ රන් වැට යළි බඳින්නට විශාකාවනි එනු මෙදා
වෙහෙර මහදෙවි පරපුරේ නුඹ කියනු ලොවටම හඩ නගා
සත්කුළක් වන් හිතේ සවියට අපේකම පඬුරක ඔතා
පෙරට එනු ජාතියේ නැඟුමට හෙළයෙ ජය සක් හඬ නගා"

සිංහළ ජාතියේ ආරක්ෂිත රන් වැට ජාතික අභිමානයෙන් ආලේපිත කරන්නට ඔබටත් කාලය එළඹ ඇත.
එදා අවසන් වරට අනුරාධපුරයුගයේ පැ
වති නියම සිංහළ යුගය මේ වෙද්දි බිඳ වැටිලා.එදා මෙදා තුර සිංහළ ජාතිය බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගීමට උදාර වගකීමක් අප ඉ‍ටු කරන්න තිබූ අවස්තාව අපි මග හැරලා. ජාතියෙ අවසානය ලඟා වෙන අනාගත ඉරණම වෙනස් කරන්නට නැගණියෙනි, දියනියෙනි ඔබට ලොකු වගකීමක් තියෙනවා.

බලන්න ආපස්සට ගිහිල්ල අපේ මිත්තණිය අපිට දුන් ඔවදන්...සමහර විට අද ඔබට එය ඔබේ මවගෙන් නොලැබෙනව ඇති.ඔබත් ඔබේ දරුවන්ට එය ලබා නොදෙනව ඇති.
පොතේ දැනුමෙන් පෝෂණය කරන දරුවාට හෙළ ඉතිහාසයෙන් බිඳක් ඔබ කියල දෙන්න.
දොස්තර කෙනෙක් ඉංජිනේරුවක් කරන්න සිහින දකින ඔබේ දරුවාට
ධර්මයෙන් බිඳක් කියල දෙන්න.නියම සිංහළයෙක් නියම බෞද්ධයෙක් ලෙස ඔබේ දරුවාව සමාජ ගත කරන්න.
බටහිර ආධිපත්‍යට හිස නමන හෙළ සංස්කෘතියට පයින් ගසන නාමික සිංහළයෙක් බවට දරුවා පත් කරන්න එපා....

දයාබර දියණියට සදාචාරාත්මක ගති පැවතුම් හුරු කරන්න.ලෝකෙ දියුණුව එක්ක අපිත් ලෝකෙට යන්න ඕන,
සැබෑවටම ඒ අපේ කමත් අරගෙන.
අපිට අපේ කියන්න පුලුවන් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනව.
මෙන්න මේ ඉතිහාසය අනාගත පරපුරටද දායාද කොට ජාතියේ අභිමානය ‍රැක ගත යුතුයි.
ජාතිය සුරකින පරපුරක් බිහි කළ යුතුයි. ඒ මහා ජාතික වගකීමේ මහා මෙහෙමයුම්කාරිය නුඹයි...

"සිංහල ජාතියේ පැවත්ම උදෙසා"

අපිටම අනන්‍ය වූ සිංහළ භාශාවක් තියෙනවා.
එහෙනම් ඔබේ දියණිය නියම හෙළ දියණිය ලෙසත් ඔබේ පුතණුවන් නියම හෙළයක් ලෙසත් සමාජ ගත කිරීමේ භාරදූර කාර්්‍ය පැවරෙන්නෙ ඔබට.
ඔබේ සැමිය පවුල ‍රැකගන්න ජීවිත සටනෙ යෙදෙන විට ඔබටයි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්‍ය වගකීම පැවරෙන්නෙ.

එසේනම් ඔබත් විශාකාවක් ලෙස ඔබත් සුජාතාවක් ලෙස සිංහල ජාතිය බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගීමේ කාර්‍යට දායක වෙන්න.

ඔබට සැබෑ මවුතුමියක් ලෙස මේ ලක් බිම දෙම දෙස බලාගෙන අවසන් සුසුම් හෙළන්න පුලුවන් වෙයි.

මෙන්න මේ අවවාදය ඔබේ දරුවාට ලබා දෙන්න.ජාතිවාදියෙක් කරන්නට නොව ජාතියට ආදරය කරන හෙළයෙක් බිහිකරන්නට

"ක‍ටු ඔ‍ටුන්න පළඳන්නට ඉඩ නොතබන් පුත
හෙළ ඔ‍ටුන්න නුඹට අයිති නුඹ හෙළයකි පුත
ජාතිය ‍රැකගන්න සමත් උනොතින් නුඹ පුත
අම්ම උනත් මම වඳිනව නුඹ විරුවෙකි පුත"

ජාතික නිදහස් ව්‍යපාරයට වීර දියණියනි ඔබත් එක් වන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!!!!

සටහන - දිලිනි කල්පනා ඒකරත්න

0 ප්‍රතිචාර:

Post a Comment