Nov 10, 2012

මියගිය සිරකරුවන් අතර කෝට්ටේ ද්විත්ව භික්ෂු ඝාතන කළ මංජු ශ්‍රී නිලමේවරයාත් සිටිනවාලූ

12.11.09 උදෑසන සිදු කළ සෝදිසියේදී බන්ධනාගාර පරිශ්‍රය තුළදී හමුවූ මළ සිරුරු 11ත් රෝහල් ගතකර මියගොස්තිබූ 16ත් එකතුවෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කලබලය නිසා මිය ගිය ගණන දැන් 27 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලද සම්පූර්ණ ගණන 59 දෙනෙකු වන අතර ඒ අතර යුද හමුදා 4 එස්ටීඑෆ් 10 ක් හා බන්ධනාගාර නිලධාරියෙකු සිටියා.සිද්ධියෙන් තුවාල ලත් නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතාගේ උදරයේ සැත්කමකින් අනතුරුව ඔහු දැන් සුවය ලබමින් සිටිනවා
.
ඇතැමුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිඛෙන අතර
අද දහවල් වන විට
35 ක් ප්‍රතිකාර ගන්නා බවත් 19 කට ශල්‍ය කර්ම කර 5 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ හා 3 දෙනෙක් දැඩි උපස්ථාන ඒකකයේ පසුවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටිනවා.
ඊයේ මෙම ගැටුම්කාරී තත්වය මෙතරම් මරණ සංඛ්‍යාවක් දක්වා උත්සන්න වූයේ සිරකරුවන් අවි ගබඩාව කඩා දමා ටී 56 අවි 82 ක් පැහැර ගෙන සම්පූර්ණ පාලනය අතට ගෙන කලබලයක් ඇති කළ නිසාය. කලබලය අස්සේ සිරකරුවන් පළා ගොස් ඇති බවද මේ අතර වාර්තා වනවා.එසේ පැන ගිය 7 දෙනෙකු අද උදෑසන පොලිසියට භාර වුණ බවත් අතුරුදන් අනෙක් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් වාර්තා වනවා. මේ අතර එල්ටීටීඊ රැඳිවියන් රහසේම රැගෙන යන්නට කලබල මැද්දේ පැමිණි ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැනද පොලිසිය පරීක්ෂන පවත්වන බව දැනගන්නට ලැඛෙනවා. සිද්ධියෙන් පසු අතුරුදන් පිරිස කොපමණද යන්න තවම බන්ධනාගාර කොමසාරිස්වරයා දන්වා නැත.
මෙම සිද්ධියෙන් මියගිය අය අතර එල්ටීටීඊ රැඳවියන්ද සිටින බවත් අසුවප්පුලිගේ ජෝතිපාල නොහොත් කපිල ,කම්කානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර නොහොත් මාලන්, ටීඑච් ලෙස්ටර් ද සිල්වා නමැති එල්ලූම්ගහට නියමවූවන් තුන්දෙනෙක් හා ජීවිතාන්තය දක්වා සිරද~ුවම නියමවූ මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු, මනිකීර්ති මංජු හ්‍රී හර්ෂ, තුෂාර චන්ද්‍ර නොහොත් කළු තුෂාර, කොණ්ඩ අමිල යන අය ඇතුළු තවත් අය සිටින බවත් වාර්තා වනවා.
මේ ආකාරයට මියගිය මංජු ශ්‍රී නමැත්තා පසුගියදා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ  බස්නායක නිලමේ වරයෙකු යයි කියාගත් පුද්ගලයාය.
එසේම මියගිය අය අතර සුප්‍රකට නිළි අනුෂා සොනාලිගේ නීත්‍යානුකූල නොවූ පෙර ස්වාමි පුරුෂයකුව සිටි බව කියන මිනීමැරුම් නඩුවකට හසුවූ මලින්ද නිලේන්ද්‍රද සිටින බව දැනගන්නට ලැඛෙනවා.