Nov 2, 2012

ජාතික ආරක්‍ෂාවට අභියෝග කිරීමට ඉඩදිය යුතුද?

ජාතික ආරක්‍ෂාවට අභියෝග කිරීමට ඉඩදිය යුතුද?

ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ කොළඹ චීන බලධාරීන් හමුවී උතුරේ හමුදා කඳවුරු සඳහා යටිතල පහසුකම් ලබාදීම පිණිස ආධාර නොකරන්නැයි ඉල්ලා තිබිණි. මෙයට ප්‍රතිචාර ලෙස චීන බලධාරීහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නේ නැති බවයි. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් උතුරු ප්‍රදේශය වෙනම රටක්‌ ලෙස සිතා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම ක්‍රියා කරන්
නේ ද යන්නයි.

උතුරේ ඉඩම් හා පොලිස්‌ බලතල ඇතුළු 13 වැනි සංශෝධනය ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය ඉල්ලා තිබිණි. දැන් පවසන්නේ චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ නිර්දේශ ගැන තමන් සමග එකඟතාවයකට එන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කමිටුවට එන බවයි. පරමු තමිල් සෙල්වන් නමැති කරණවෑමියාගේ ප්‍රධානත්වයෙන් යුත් සාකච්ඡාවලට සහභාගි වූයේ සම්පන්දන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමයි. එදා කොටි රූකඩය ලෙස ද ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කළේය.

දැන් ඔවුන් බන්දේසියක තබා ද්‍රවිඩ සන්ධානය රට දෙකඩ කිරීමේ යෝජනා ඉල්ලා සිටී.

ඊටත් අමතරව යෝජනා 41 ක්‌ රජය වෙත යොමු කර තිබිණි. එම යෝජනාවල ඇත්තේ උතුරු නැගෙනහිර සියලු බලතලයි.

මේ පසුබිම යටතේ නෝර්වේ රාජ්‍යයේ සිටින පංචලිංගම් කන්දයියා නමැති කොටියා පවසන්නේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවත් එම සාකච්ඡාවලට පෙර ස්‌වයංපාලනය හා ද්‍රවිඩ හිමිකම් පිළිගැනීම මෙන්ම යුද අපරාධ ගැන ක්‍රියා කිරීමට රජය එකඟ විය යුතු යෑයි දක්‌වා ඇත. එසේම ද්‍රවිඩ ඩයස්‌පෝරාවට ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට හිමිකමක්‌ නැතැයි ද ඔහු කියා සිටී. මේ පසුබිම මැද කැනඩා කොටි හිතවාදී සංවිධාන 12 ක්‌ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වෙත ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වෙනම රටක්‌ කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි පවසා ඇත.

ටොරොන්ටෝ මන්ත්‍රි ග්ලේන් මරේ ද ඊට සහාය වෙමින් උතුරු නැගෙනහිර ස්‌වයංපාලනය පිළිගැනීමට ක්‍රියා කරන්නැයි බෑන් කී මූන්ගෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීමට කැනඩාවේ මන්ත්‍රීවරියක්‌ වූ රාතිකා සීතා සබෙයිසන් ද සහාය දක්‌වා ඇත. ඇය කැනඩාවේ ස්‌කාබරෝ ප්‍රදේශයේ ද්‍රවිඩයන් විශාල පිරිසක්‌ සිටින නිසා එකී ප්‍රදේශය ද ඊළාම් රටක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කැනඩා ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ නැත්තේ මන්ද යන්න ප්‍රශ්නයකි.

මේ නිසා සනාථ වන්නේ ද්‍රවිඩ සන්ධානයේ සිට කොටි ඩයස්‌පෝරාව දක්‌වා සැලසුම් කරන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට බවයි. මේ නිසා මෙකී ෙද්‍රdaහී ක්‍රියාදාමයට ඉඩදිය යුතුද?

ද්‍රවිඩ සන්ධානය අද මෙරට ජාතික ආරක්‍ෂාවට ද අභියෝග කරයි. ඔවුන් ඉන්දියාවේ ගොස්‌ පැවසුවේ වන්නි මෙහෙයුම යටතේ ඉදිකළ ආරක්‍ෂක කඳවුරු වහාම ඉවත් කළ යුතු බවයි. එසේම අලුතින් හමුදා කඳවුරු ඉදිකිරීම ද නතර කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසා ඇත. මෙවන් තත්ත්වයක්‌ මැද ද්‍රවිඩයන් උඩරට ප්‍රදේශවල සිටින නිසා එකී ප්‍රදේශවලින් ද හමුදා කඳවුරු ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ළඟදීම පැවසීමට ඉඩ තිබේ.

මේ හැර මට්‌ටක්‌කුලිය, වත්තල, හැඳල, මීගමුව, හලාවත වැල්ලවත්ත වැනි ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව සිටින බැවින් එකී ප්‍රදේශවල පොලිස්‌ ස්‌ථාන ද ඉවත් කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය පවසනු නියතය.

සම්පන්දන්දලා, මාවයි සේනාධිරාජාලා, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ලා නටන රැඟුම දැන් පැහැදිලිය. 9000 කට අධික සෙබළුන් හා හමුදා නිලධාරීහු උතුරු නැගෙනහිරදී දිවි පිදුවේ ද්‍රවිඩ සන්ධානයේ රට දෙකඩ කිරීමේ ඉල්ලීම් දීමට ද?

දැනටමත් ද්‍රවිඩ සන්ධානය දිවි නැඟුම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට ගොස්‌ ඇත. ඊට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද එක්‌වී සිටී. මේ සෑම ක්‍රියාදාමයකටම වඩා ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ උතුරින් හමුදාව ඉවත්කර ගැනීමයි. පසුගියදා යාපනයේ පැවැති විරෝධතා රැලියේදී ඊළාම්වාදීහු පිරිසක්‌ හමුදාව පලයල්ලා, අපේ ඉඩම් දියල්ලා යෑයි කියා ඝෝෂා කරනු ලැබීය.

ප්‍රභාකරන් විසින් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අල්ලාගෙන කොටි කඳවුරු ස්‌ථාපිත කරද්දී ද්‍රවිඩ සන්ධානය නිහඬව බලා සිටියේය. එවන් පාර්ශ්වයන් උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන්න යෑයි ඉල්ලීමේ පසුබිම කුමක්‌ද?

ඒ ඊළඟ පියවරට මාර්ගය සකස්‌ කරගැනීමයි. මේ නිසා කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය විදේශ තානාපතිවරුන් හමුවීමට ගොස්‌ දැඩි උත්සාහයක යෙදී ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම්වලට වඩා උතුරේ ස්‌ථාපිත හමුදා කඳවුරු ඉවත් කර ගැනීමයි.

1959 සිට ක්‍රියාත්මක වූ මේ හමුදා කඳවුරු ඉවත් කරලීමෙන් රජයට කියන්නේ මෙරට ජාතික ආරක්‍ෂාව පාවා දෙන ලෙස ද?

එසේම ඉන්දියාවට ගිය සම්පන්දන් ඉන්දීය බලධාරීන් හමුවේ පවසා ඇත්තේ අර්ථවත් විසඳුමක්‌ දීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බවයි.

මේ අර්ථවත් විසඳුම යනු රට දෙකඩ කිරීමද? ප්‍රභාකරන් මිනීමරුවා කටයුතු කරන සමයේ ද්‍රවිඩ සන්ධානය හා මෙරට කොටි හිතවාදී මාධ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ද මහත් උජාරුවෙන් ක්‍රියා කළ අයුරු අපි දුටුවෙමු.

2009 මැයි මසදී එම උජාරුව දිය විය. 2012 මාර්තු මස ලොව ප්‍රධාන යුද අපරාධකරු වූ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවත් සමග සැඟවී සිටි කොටි අළු ගසා දමා යළි ප්‍රාණවත් වූහ.

දැන් සිදුවන්නේ එම ක්‍රියාදාමයයි. ඇමරිකානු සහකාර ලේකම් රොබට්‌ බ්ලේක්‌ගේ සිට ද්‍රවිඩ සන්ධානය දක්‌වා ද රාජ්‍ය නොවන සංවිධාන ද උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්න යෑයි ඉල්ලයි.

කැනඩාවේ මන්ත්‍රීවරයකු ද ඊට සහාය වේ. එහෙත් මේ එකෙක්‌වත් ඇµaගනිස්‌තානයේ හමුදා කඳවුරු ඉවත් කරන්න යෑයි ඉල්ලා නැත. මේ පසුබිම මැද රජය තමන්ට බලය නොදෙන බව පවසමින් විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කිරීමට සැලසුම් කර ඇත.

මෙයට සමගාමීව ඩොලර් අරමුදල් ලබන එන්.ජී.ඕ. කාක්‌කන් මුදල් නෝට්‌ටු සහ සියලුම ඖෂධ වර්ග ද්‍රවිඩ භාෂාවෙන් සටහන් විය යුතු යෑයි කියා සිටී.

එසේ වුවත් රජය මෙයට ඉඩදිය යුතුද? බ්‍රිතාන්‍යයේ හා කැනඩාවේ ද්‍රවිඩයන් ලක්‍ෂ ගණනක්‌ සිටින නිසා ස්‌ටර්ලින් පවුම් හෝ ඩොලර් මුදල් නෝට්‌ටු ද්‍රවිඩ භාෂාවෙන් මුද්‍රණය කරන්නේද?

ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ හින්දි භාෂාවෙනි. මුදල් නෝට්‌ටු මුද්‍රණය කර ඇත්තේ ද හින්දි භාෂාවෙනි. එහෙත් මෙරට ඩොලර් කාක්‌කන් සෑමදේම කණපිට හැරවීමට සූදානම් වේ.

වර්ධරාජා පෙරුමාල් මෙරට ද්‍රවිඩ බළකාය නිර්මාණය කළේය. 13 වැනි සංශෝධනය තුළින් පොලිස්‌ බලතල ඉල්ලන්නේ ද එවන් වෙනම පොලිසියක්‌ ස්‌ථාපිත කිරීමටය. 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි කියන සාම ක්‍රියාකාරී සංවිධානවලට සම්බන්ධව දේශපාලකයන් අතළොස්‌සක්‌ ද රජයට සම්බන්ධ වී සිටී.

එහෙත් රජය ඒ හිටපු සාම ක්‍රියාකාරීන්ට හිස නැමිය යුතුද? එම සාම ක්‍රියාකාරීහු කොටින්ට එරෙහි යුද්ධය දිනිය හැකි යෑයි කිසිවිටෙක පැවසුවේ නැත.

රජය ඒ බව අවබෝධ කරගත යුතුව ඇත. 2 වැනි ලෝක යුද්ධයේදී ජයග්‍රාහකයන්ට වන්දි ගෙවීමට පරාජිතයන්ට සිදුවිය. එහෙත් දැන් සිදුවී ඇත්තේ පරාජිතයන්ට වන්දි ගෙවීමට ජයග්‍රාහකයන්ට සිදුවීමයි. ද්‍රවිඩ සන්ධානය ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලන්නේ එබැවිනි.

මේ නිසා ජයග්‍රාහකයන් විසින් පරාජිතයන්ට වන්දි ගෙවිය යුතුද?

0 ප්‍රතිචාර:

Post a Comment