Nov 25, 2012

වතුර වලට මොන එහකටද හලාල්

ලෝක ව්‍යාප්ත ඉස්ලාම්කරණ වැඩපිළිවෙල හමුවේ මේවනවිට ලංකාව තුළත් “හලාල් වසංගතය උඩුදුවා ඇති බවත්, මේ සඳහා බලධාරීන් මැදිහත්ව ඉක්මනින් පිළියමක් නොයෙදුවහොත් නොබෝ කලකින්ම හෙළදිව ධර්මද්වීපය වෙනුවට හලාල් දේශයක් බිහිකිරීමට සිදු වනු ඇති බවත් බොදු බල සේනා ජාලය පවසයි. “හලාල් ආහාර හා ද්‍රව්‍යය වර්ජනය කරමු” මැයෙන් 2012 නොවැම්බර් 19 වැනි දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේ

දි පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි බොදු බල සේනා ජාලය

අවධාරණය කොට සිටියේ “ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.


“ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්‍රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:


“මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.


ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ ගැන ඇත්ත තත්ත්වය පහදලා දීලා සුවිශේෂී විවරණයක් සිදුකර තිබෙනවා ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචනා කරපු Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී… ඊට අනුව:


“මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුන් තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරැව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරනවා. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරනවා. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙනවා. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් වගේම තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි යි. මේ තත්ත්වයට පත්වුණාට පස්සේ ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරනවා. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගන්නවා. මේ විදිහට ක්‍රමානුකූලව හලාල් ඔස්සේ ලැබෙන ලාබය තුළින් සිය පල්ලි ඉදිකර ගැනීමටත්, අවසානයේදී ආගමික නීති ශාලා ඉදිකර ගැනීමටත් මුස්ලිම්වරු ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ අවසාන අරමුණ වෙන්නේ මුළු ලෝකය පුරාම ෂරීයා නීතිය ක්‍රියාත්මක කරවීමයි. හලාල් කියන්නේ ඒ දක්වා යන ගමන්නේ ඔවුනගේ පෝෂණය සපයන මූල්‍ය හා සමාජ බලවේගයයි.”


ලංකාවේ හලාල් ක්‍රියාදාමය ගෙන යන්නේ “සමස්ත ලංකා ජමියතුල් උලමා” නම් සංස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයක්. හලාල් සම්බන්ධයෙන් මුලදී සැඟැවී ක්‍රියා කළ මොවුන් දැන් එළිපිටම ඉස්ලාම්කරණය වෙනුවෙන් නටන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හලාල් නිෂ්පාද සැකසීම සඳහා බෞද්ධ – ක්‍රිස්තියානි – හින්දු ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම ඔස්සේ පොළඹවමින් සිටිනවා. හලාල් සඳහා අවශ්‍යය නිර්දේශය – ලාංඡනය හා සහතිකය ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙවීමට සිදුවන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. කවුරුහරි ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා හලාල් ලබාගන්නවා නම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යය ලබාගත යුත්තේත් හලාල් නිර්දේශය සහිත අමුද්‍රව්‍යය පමණයි. මේ රටටම අවශ්‍යය ජල පහසුකම් සැපැයෙන්නේ බුදුරදුන්ගේ සිරිපා සටහන පිහිටා තිබෙන සමනල කන්දෙන්. ඒත් දැන් වතුරත් හලාල් කරලා තියෙනවා. එතකොට සමනල කන්දත් හලාල්ද? සමන් දෙයියොත් හලාල්ද? මුස්ලිම් ජනතාව වගේ නෙමෙයි අපේ බෞද්ධයෝ පාරමිතාවක් වශයෙන් සිතා තමන්ගේ ශරීරයේ ලේ දන්දෙනවා. එතකොට මුස්ලිම් රෝගීන් ඒ ලේ තමන්ගේ ශරීරයට ඇතුළ් කරගන්නකොටත් ලේ හලාල් කරලා තියෙන්න ඕනෑද? මේ වෙනකොට සිංහල තරුණියන් සරණපාවා ගෙන එතුළින් මුස්ලිම්කරණය ව්‍යාප්ත කිරීම තමයි දැන් දියත්වන විශාලතම සැලසුම. ඒ කියන්නේ අද වෙද්දී මුසල්මානුවාට කුඹුර වෙලා තියෙන්නේ සිංහල තරුණියයි. එතකොට මෙච්චර කාලෙකට සිංහල තරුණියනුත් හලාල් කරලා සහේට ගත්තාදැයි අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් විමසන්න ඕනෑ. එපමණක් නොවෙයි විකිණෙන සෑම හලාල් භාණ්ඩයකින්ම යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ උලමා සංවිධානයට ඇදී යනවා. මොවුන් විසින් මේ මුදල් යොදවන්නේ මේ රටේ ආගමික සහජීවනය බිඳලීම සඳහා තැනින් තැන පල්ලි ඉදිකිරීමටත්, එතුළින් සිය ඉස්ලාමය ව්‍යාප්ත කිරීමටත්. මේවාට විරුද්ධව අපේ හාමුදුරුවන් වහන්සේලා ඒකරාශි වෙද්දි ඔවුන් බොරුවට කෙඳිරි ගානවා; විදේශයන්ට පැමිණිලි කරලා ආධාර ලබනවා; ‘ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා… ඔවුන්ට ආගමික නිදහසක් නෑ…’ කියලා. ඒ නිසා පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් අනුගමනය කරන්න ඕන.


ඒ වගේම අපි මේ රටේ සමස්ත මහා සංඝරත්නයෙන්ම ඉල්ලා සිටිනවා මේ සැබෑ තත්ත්වය තමන්වහන්සේලාගේ බණවාරයක් බණවාරයක් පාසා ප්‍රචාරය කරමින් අපේ සුපින්වත් දායකකාරකාදීන් දැනුවත් කරන ලෙසට. ඒ වගේම අපි අපේ සුපින්වත් දායකයින්ටත් විශේෂ පණිවිඩයක් ලබා දෙනවා. මින් ඉදිරියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අල්ලා දෙවියන් වෙනුවෙන් කැපකරපු හලාල් පූජා කරන්න එපා. හාමුදුරුවන් වහන්සේලාට හලාල්වලින් හදපු දන් පිළිගන්වන්න එපා. කඩේ මුදලාලිට කියන්න; බලකරන්න අපිට බුදුන්ට පුදන්න; දානයක් දෙන්න හලාල් නැති අපේ ආහාර ද්‍රව්‍යය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත් මතක තියාගන්න ඕනි උදේ හවස බුදුන් වැන්දත් තමන්ගේ කඩේ හලාල් තියෙනවා නම් කිසිම විදිහකින් සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ ව්‍යාපාරික ස්ථාන හා වෙළඳසැල්වලට නොලැබෙන බවට. හලාල් වර්ජනය කිරීම අපේ සුපින්වත් බෞද්ධ ප්‍රජාවට මෙලොව වශයෙනුත් වැඩදායකයි; පරලොව වශයෙනුත් වැඩදායකයි…” යනුවෙන් පවසා සිටියහ.

0 ප්‍රතිචාර:

Post a Comment