Nov 10, 2012

පරාධීන වාහිනියේ වෘක්ෂ සුනඛයෝ බෞද්ධයන්ගේ හිසේ පහරති.

කෙප්ප ඇද බාමින් බෞද්ධයන්ට කෙල ගසති.
රාජ්‍ය ජඩමාධ්‍යයේ කෙප්ප වෙනුවට ඇත්ත සිද්ධිය කියවන්න.


දෙනෝදාහක් දෙනා උදේ සවස වන්දනාමාන කළ බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්ධියේ බෝධීන් වහන්සේ අභියස ඉදිකැර තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අත්තනෝමතික ලෙස මහ දවාලේ කඩා බිද දමා තිබුණේ පෙරේදා දිනය. කුළුගෙඩිවලින් පහර දී, අවට කාර්යාල සේවකයින්, ත්‍රීරෝද රථ රියැදුරන් මෙන්ම ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවද සිරිතක් ලෙස උදේ සවස වන්දනාමාන කළ මෙම බෝධීන් වහන්සේ අභියස පිහිටි බුදු මැදුර කුළුගෙඩි පහර දී ඩෝසර් යන්ත්‍ර යොදාගෙන හිටි හැටියේ බිමට සමතලා කර දැමීම ඒ කාටත් අදහාගත නොහැකි වූ හද කම්පා කරවන සිදුවීමක් විය.

මියගිය සිරකරුවන් අතර කෝට්ටේ ද්විත්ව භික්ෂු ඝාතන කළ මංජු ශ්‍රී නිලමේවරයාත් සිටිනවාලූ

12.11.09 උදෑසන සිදු කළ සෝදිසියේදී බන්ධනාගාර පරිශ්‍රය තුළදී හමුවූ මළ සිරුරු 11ත් රෝහල් ගතකර මියගොස්තිබූ 16ත් එකතුවෙන් ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ කලබලය නිසා මිය ගිය ගණන දැන් 27 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලද සම්පූර්ණ ගණන 59 දෙනෙකු වන අතර ඒ අතර යුද හමුදා 4 එස්ටීඑෆ් 10 ක් හා බන්ධනාගාර නිලධාරියෙකු සිටියා.සිද්ධියෙන් තුවාල ලත් නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතාගේ උදරයේ සැත්කමකින් අනතුරුව ඔහු දැන් සුවය ලබමින් සිටිනවා

Nov 9, 2012

කොල්ලකු දෙස බැලුවාට පියා දියණියට ඇසිඞ් ගසා මරයි

පාකිස්තානය : කොල්ලකු දෙස බැලුවාට පියා දියණියට ඇසිඞ් ගසා මරයි

සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ලෝකයේ මුස්ලිම් ජනගහනය ශ්‍රී ලංකාවට අදාල වන්නේ කෙසේද

පීටර් හැමන්ඞ් නැමැත්තා 1960 දී කේප්ටවුන් නුවර උපත ලැබුවේ ය. ඔහු 1977 දී කිරිස්තියානි ආගම වැළඳ ගත්තේ ය. ඔහු දැන් පූජකවරයෙකු සහ මිෂනාරීවරයෙකු ලෙස වැඩ කරයි. FRONTLINE FELLOWSHIP යන කිරිස්තියානි සංවිධානයේ නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂක ඔහු ය. ^FRONTLINE FELLOWSHIP WEBSITE : WW.FRONTLINE.ORG.ZA මහාචාර්ය පීටර් හැමන්ඞ් නැමැත්තා විසින් ලියන ලද ‘‘වහල්භාවය, ත‍්‍රස්තවාදය සහ ඉස්ලාම්: එහි ඓතිහාසික මූලාශ‍්‍ර සහ වර්තමාන

Nov 8, 2012

පැලවත්ත පාලම් තුන මංසන්දියේ බුද්ධ මන්දිරය නැවත ස්ථාපිත කේරේ

ප්‍රදේශ වාසීන්හා බොදු සංවිධාන කිහිපයක එකමුතුඑන් මීට සුලු මොහොතකට පෙර පැලවත්ත ප්‍රදේශයේ පාලම් තුන හන්දියේ ඉවත් කේරුනු බුද්ධ මන්දිරය නැවත මහජන හිත සුව පිණිස ස්ථාපිත කෙරුණ,

 තවත් තොරතුරු හා ඡායා රුප






පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පැලවත්තේ බුද්ධමන්දිරය ඩෝසර් කරයි



බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්දියේ ඉදිකර තිබූ බුද්ධ මන්දිරය අද දහවලදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර බිමට සමතලා කර ඇතැයි වාර්තා වනවා. නාගරික සවංර්ධන අධිකාරියේ අනුදැනුම මත කඩුවෙල නගර සභාව විසින් බුද්ධ ප්‍රතිමාවහන්සේ සහිත මෙම බුදු මැදුර කඩා ඉවත් කිරීම සිදු කර ඇති අතර එම අවස්ථාව ඡායාරූපගත කිරීම සදහා එම ස්ථානයට ගිය සිංහලරාවය ජාතික සංවිධානයේ
 නියෝජිතයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇති බව සිංහල රාවය සංවිධානය පවසනවා. එහෙත් එම නියෝජිතයාගේ කැමරා උපකරණ පොලීසිය බාරයේ තබාගෙන ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසනවා. මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සදහා යැයි කියමින් මෙසේ මංසන්ධිවල ඉදිකැර ඇති බුද්ධ මන්දිර කඩා ඉවත් කෙරුනද ඒවා යළි ඉදිවන බවක්