Pages

Dec 4, 2012

ප්‍රංශ නා හිමිගෙන් මුදල් තෑගි

සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති.

සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති.



සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.

1 comment:

  1. කොහොමද අපේ හාමුදුරුවනේ ඕව කරන්නෙ ස්ත්‍රීවාදියොත් එක්ක.රටේ ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්නෙ උන් නෙ.

    ReplyDelete